Wednesday, March 6, 2013

උඬඟු කවි


පෙම් කවියක් ඇඬුවාලු
දෙනියක් කෙලවර ගලමුදුනක් පිට
ඇද කරපු හින්දා
උඬඟු කවියක් එන අතරමග

හැමෝගෙම බඩ පිරුණු
රොමෑන්ටික හීන රටකට
තොලොංචි වෙයන් කිව්වාලු
                                                      දුක කියනවා ඇහුන මලකට



Sunday, March 3, 2013

පළඟැටිච්චිය





නොකල්හි ළතැවෙන
තෘණපත් අතර සැඟවෙන
ළපැටි පළඟැටි තෙම
පිරිමදී තටු නුවුමනා ලෙස

එතණ බිස්සෙම අන් කොන
"අහා ඉමිහිරි සුගැයුම"
මුමුණමින පොඩි පළඟැටිච්චිය
දවස'රියි ඉන් දිරි ගෙන

අහෝ උන් පස් වනතුරු
මුණගැසුනු වග අසා නැත තව

   



Related Posts Plugin for WordPress, Blogger...