Thursday, April 23, 2020



සඳද නැති අමාවක් රෑක
මුහුද මැදට ගිය ගල් වැටියක කොනක
වාඩිලා කලුම කලු සිතිජය දිහාවට
මුහුණ දෙදණ මැද හොවා
ඉකිබිඳිද්දී
ප්‍රදීපාගාර තෙමේ සම්බ විය

අතෝරක් නැති සයුර
මං කියා මුලු රැයම
හිරු එබෙන්නට පෙරව
ඉසිඹු හැඬුමකි නිහඬ

කවම කවදාකවත්
ප්‍රදීපාගාරයක්
ලඟ රැඳුනු ප්‍රේමයක්
නොවෙන බව දැන දැනත්




Monday, April 20, 2020






පහසු නෑ සොඳුරිය
සියලු භග්න ඉච්චා
සංතාප
දෝමනස්ස
ආදර දෙබස්
මෘදු වූ ඇවිටිලි දැවටිලි
එකම එක වචනෙකට
ලඝු කොට
"කෑවාද? " යි
ඇසීම


Thursday, April 2, 2020


ඉඳහිට කඳු වෙත්

පසු කර ගිය ගඟ

නිදුකින් සයුරත 

සිඹීද ලතැවෙන


ගඟට හොරා

මේකුලක මුවාවෙන්

දෑසග දැහැනක 

සතපා සැනහෙන


ගල්පර මතුයේ

හැපි හැපි විසිවෙන

ගඟට රිදේදැයි 

රහසින් වැලපෙන


ගව් සිය දුර සිට

දෑසග කඳුලකි

කිසිත් නූන සේ

නලෙකට මුමුණන







Related Posts Plugin for WordPress, Blogger...