Monday, July 25, 2011

සමුගනිමි රෝමියෝ


පහුගිය දවස්වල විභාගෙ නිසා බ්ලොග් එක දිහාවෙ එන්නම බැරි උනා.විභාගෙ ඉවරම නැතත් මෙ පැත්තෙ එන්න හිතුවෙ බෙදා ගන්න අලුත් දෙයක් තියෙන හින්ද.මේ කියන්න හදන්නෙ අලුතින්ම කෙරුනු සින්දුවක් ගැන.
සිංදුවෙ නම "සමුගනිමි රෝමියෝ"


සින්දුව කියන්නෙ බැච් එකේ නිලංකා මුණසිංහ සහෝදරිය.

සංගීතය ඩිලාන් සංජයගෙන්.

ලිව්වෙ නං මම.

***************
නීල පෑ අඳුරේ   රුහිරෙන් වැසී වෙලුනේ...
මා කෙවෙනි කඳුලේ   නොසොයා කිමද තැවුනේ...
මේ වැසුනු දෙනෙත් විදා   මුව පියුම් මුදා...
මා සිප සැනසෙන් සඳේ   යුග දෑත් හොවා...
යමු අත් බැඳ ඉතින් සමුදී වෙරෝනා
මේ සීතට හොරා මීදුම වෙලා..

තනි රැයයි ගෙවුනේ   නුඹ අයි මෙලෙස මිදුනේ...
පාට දී දිවියේ   සිත්තම ඉරා ඇදුනේ...
ඒ සඳලු මතින් පිපී   සඳ නලෙක එතී...
අප මිමිණූ ඒ රහස්   සඳ තවම දනී...
ලෝ රුපුනොද දනා ගිනිහුලු මවා
පෙම් කුරුසියෙ හොවා අප හළු කලා...

අවදි නැති සිහිනේ නුඹ නෑ තනිව ඉන්නේ...
දෙතොල් පිණි ඇතිරූ   රස විසද මද වූයේ...
මේ කිණිසි අගින් රුවා   හද දොරටු පවා...
අරවා එන්නම් මිහිරේ ඔබ තුරුල සොයා...
මේ ලෙන හැර දමා අහසට නැගී
මා එනතුරු හිඳින් පියඹා නොයා..

**************
සිංදුවෙන් කියවෙන්නෙ ජුලියට් දිවිනසාගන්න කලින් රොමියෝගෙ පණසුන් දේහය අසල කෙරෙන අතීතාවර්ජනයක් ගැන.

වැඩි විස්තර මොකටද නේද මෙතනින් සින්දුව අහලම බලන්නකෝ.

http://www.youtube.com/watch?v=AZBReETaYtU&feature=share


මේ වෙලාවෙ මට මේකට දායක වෙන්න ඉඩහසර හොයල දීපු නිලංකවත් පණ්ඩිත්වත් ලබැඳි සිතින් මතක් කරනව.
ඉතින් ඔයාලගෙ අදහස්,යෝජනා බලාපොරොත්තු වෙනව මේ ගැන.ඒ හැම දෙයක්ම හුගක් වටිනව කියල විතරක් අමතක කරන්න එපා.
                                                                                 

7 comments:

  1. ලස්සන පද මාලාවක්. වීඩියෝ එක බලලාම ඉතුරු ටිකත් කියන්නම්කෝ.

    ReplyDelete
  2. උපමා හා රූපක භාවිතය හරිම අපූරුයි ..!

    ReplyDelete
  3. පට්ටයි මචං.උඹ අපිට වස්තුවක්.නිලංකගෙ චාටර් කටහඬ ඇරුනාම සින්දුව පට්ට(හිහ් හිහ් බොරුවට හොඳේ)

    ReplyDelete
  4. නියමයි අයියේ.. හරිම ලස්සනයි

    ReplyDelete
  5. mea dinuka ayye, nilankata eka eka ewa kiyala ahuwenna epa. thalanwa hokka! oya katin mona kiwwath eyage kata handata washee wela inna bawa api dannawa.

    ReplyDelete
  6. mage yaluwek mehema kiuwa.. waradak hithanna epaa... sinduwa miminena sinduwak neweilu... minissu atharata yana eka adu weilu.. melody ekai, wachanai mathaka hitina ewa neweilu... ilanga paara api thawa sinduwak karamu... harida?? fit eke??

    ReplyDelete
  7. බොහොම ස්තුතියි අදහස් වලට.ඒ කතාවෙ බොහෝ දුරට ඇත්තක් තියෙනවා

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...