Saturday, July 2, 2011

තල් කවි


සාක්කු හිස් කරලා
පුරවගමු අත්වලට
විසිකරමු කච්චාන් හුලඟට
ගහං යන්න උඩහට

හුලඟටත් හොරාට
උන්හිටිතැනම වපුරන
අපිවම වහං පැලවෙන
කවි මොකට බඩ සා දුරලන

වරා අහුරක් විලස
හුලඟ ඉඹගෙන පියඹන
කඳුලු තෙත මත දලුලන
මතු දිනේ සෙවනැති බිජු කවක් මිස 

6 comments:

  1. ලස්සන වචන සෙට් එකක් හොඳට ගලපලා තියනවා ......

    ReplyDelete
  2. හරි හරි ඉඳපං මුළිං ඔය චාටර් විදිහට ලියලනෙව හැමෝම පටං ගන්නෙ.අපිවම වහං පැළවෙන එව්වා ලියල ලියල ලියල ලියල////////////// කවද හරි පුළුවං වෙයි මං වගේ කුකවියන්ටත් වරා අහුරු ලියන්ඩ....

    ReplyDelete
  3. අපෝ මෙහෙත් තියෙන්නේ රාස්සිගේ අව්වයි කච්චාන් හුලඟයි තියෙන්නේ

    ReplyDelete
  4. ලියාගත්තෙ නං මටමයි.ඕකනෙ ඉතින් දිනුක මලය මාව නෝන්ඩි කරන්න හදනවනෙ.

    ReplyDelete
  5. ඒක තමා ඇඟපත ලොකු උනාට අමතක කරන්ඩ එපා මමයි අයිය කියල හරිය?

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...