Wednesday, July 13, 2011

රෑ බදුල්ලෝ


(පුවතක්:-සටන් විරාම සමයේ ආරක්ෂක වලල්ල හරහා තම පෙම්වතිය හමුවූ සෙබලා අත් අඩංගුවට )

♂-ඔයා මට ආදරේද...?
♀-හ්ම්ම්...

♂-හරි
  වැරදිලාහරි අපි
  දවාලෙ හම්බුනොත් ඇටෑක් එකකදි
  ඔයා මට වෙඩි තියනවද?
♀-නැතුව...

♂-හෙහ්
  ආදරේට වෙන්නැති එහෙනං
  වෙඩි තියන්නෙ...
♀-ඔව්..
  හැබැයි නිජභූමියට

♂-බම්බු නිජභූමිය..

  මං යනව යන්න

♀-හෙට රෑටත් එනව නේද...?
♂-හ්ම්ම්.....

  දවල්ට ඔයයි මායි හම්බ නූනොත්


7 comments:

  1. කියන්න වචන නෑ....

    ReplyDelete
  2. වෙනස් විදිහට ලෝකය දකින්න ලස්සන කවි පෙලක් :)

    ReplyDelete
  3. මට හිතෙන්නේ කෙල්ල ත්‍රස්තවාදීන්ගේ පැත්තේ කෙනෙක්. කොල්ලා හමුදාවේ. ඔහොම ලව් සීන් එකක් තමා යන්නේ. මම හරිද අකූ ???

    ReplyDelete
  4. මාරම මාරයි.......!!

    ReplyDelete
  5. දේශප්‍රේමය>ප්‍රේමය ?

    ReplyDelete
  6. මේක දන්න විදිහට නං ඇත්තටම වෙච්ච දෙයක්.ඇත්තටම කොල්ල අහු උනා.ඇයි එහෙම උනේ කියල හිතන්න ඔයාලගෙ හිත්වලට බාරයි.මධුරංග හරි :)
    දිනුක...දේශප්‍රේමෙ ලොකු උනා නං ඔහොම එකක් වෙන්න පුලුවන්ද .බොහොම මිලිටරීකෘත ඇහැකට නං උත්තරයක් පෙනේවි :)

    ReplyDelete
  7. සිංහල සිංදු කියන
    නළලේ තිලක තියන කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන
    ගිනිගත් තල් අරඹට අවාදෝ ඉගිල්ලී.....!

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...