Monday, February 4, 2013

මහල්ලෙක් විය හැක



නැලවෙන පාලමෙහි යට
කල්පනාවෙනි මහවැලිය තව
ඈ නෙලූ මල් ගෙන ගිය
වීසි කළ ගල් තුරුලෙ රැකගෙන

ඉස්සර වගේ දවසක
ගංදිය දෙබෑ කරගෙන
අත්ලේ මතක වජ්‍රය
හොවා ගත් කිඳුරියක එනතුරු
තැවෙන වියපත් නෙතකි අනිමිස






3 comments:

  1. ඒක හරිම අමුතුයි.... කියාගන්න බැරි දෙයක් වගේ!!

    ReplyDelete
  2. හිත එකග කළා මොහොතකට. හරිම ලස්සන පදවැලක්.

    ReplyDelete
  3. හොවා ගත් කිඳුරියක එනතුරු
    තැවෙන වියපත් නෙතකි අනිමිස
    මෙක තමයි අමුතු හැගිමක් එක් කර තැන.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...