Sunday, March 3, 2013

පළඟැටිච්චිය





නොකල්හි ළතැවෙන
තෘණපත් අතර සැඟවෙන
ළපැටි පළඟැටි තෙම
පිරිමදී තටු නුවුමනා ලෙස

එතණ බිස්සෙම අන් කොන
"අහා ඉමිහිරි සුගැයුම"
මුමුණමින පොඩි පළඟැටිච්චිය
දවස'රියි ඉන් දිරි ගෙන

අහෝ උන් පස් වනතුරු
මුණගැසුනු වග අසා නැත තව

   



3 comments:

  1. නිමිත්තක් ඇත්ද? මොනවා උනත් පව් ඈ.

    ReplyDelete
  2. නිමිත්ත මොකක් උනත් අදහස නම් නියමයි යාළුවා..

    ReplyDelete
  3. නිර්මාණශීලී ලස්සන අදහසක්..

    මුණගැහෙන්නට තරම්
    නැතත් උන් හට වරම්
    මුණගැහුනු අපි තරම්
    උන්ට නෑ දුක් සුසුම්..

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...