Thursday, April 11, 2013

ප්‍රාදූර්භූත





























වැහි අඳුරු හවසක
ඉදිමුනු පයද සහිතව
වාට්ටුව මුල්ලක
අහෝ හේ මට හමුවිය

විසුළු හැඩ කෙහෙ ඇති

කැපුම් කැළලින් විසුළැති
පොරවගත් සම ඇති
එහැම පරදන සිනා මුහුණැති

ඔසවා සරම ඉණටම

පෙන්වා නහර පිරි සම
බිඳකුදු නොදෙඩු මුව තම
රිදුම් සඟවා සිනාසුනු බැම

පෙයර් ක්‍රිෂ්ණන්මි

වන්දාරමුල්ලේ උනිමී
පොළොන්නරුවෙන් ආමී
අපහසුව මැද අසා ගතිමී

පය අහිමි වූ සඳ

මල් මදින්නේ කොහොමද
නැසුවේ මම වෙද
කවදනම් උඹ ගමට යනවද

දත් දෙමළ මද විය

ගම තතු අසාගන්නට
තනියෙන්ද මවු තව
ඔත්පළ ඈට කොහොමද

හිත කිනිති ගස්සන

පැනයත් අරන් පහුදින
ගිය නමුදු නුඹ වෙත
ඇඳ පමණි, නුඹ කෝ කොහෙක වෙද

ඉතින් මගෙ සොහොයුර

අපේ අප්පච්චී
වෙඩි තියව්වේ උඹටද
අපේ අප්පච්චිට
වෙඩි තියව්වේ උඹමද 

3 comments:

  1. Replies
    1. කාලෙකින් කියවපු ලස්සනම පදපෙළක්...

      Delete
  2. //ඉතින් මගෙ සොහොයුර
    අපේ අප්පච්චී
    වෙඩි තියව්වේ උඹටද
    අපේ අප්පච්චිට
    වෙඩි තියව්වේ උඹමද //

    මේ සත්‍යය අපි කවදා තේරුම්ගනීවිද?

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...