Tuesday, May 7, 2019

අවසාන ප්‍රේමය


අවසානයේ
දෙවියන්
මා වෙනුවෙන්ම වූ ප්‍රේමය
අඹා හමාර කොට තිබුණි.
සෙනෙහස සොයා ගිය මග කෙලවර
හැල්මේ දිවුම අවසන
ඉසිඹු සුසුමක
අවසරය ගමි.
මා දුටුවන නෙත් අගින්
නිනව්නැතිවම
උතුරන
ප්‍රේමය,
දෙනෝදහසක් මැද උව
නොපැකිලිව හාදු දෙන
ප්‍රේමය,
එසැනක ඉඟියකින්
හිස මද මුදු සරින්
ඇඟිලි තුඩු මත සතප්පන
ප්‍රේමය,
මගේ බොරු හැඬුමට
කෝකටත් රිදුනාදැයි
විපිලිසර වෙන
ප්‍රේමය,
පරෙස්සම් සහගතව
මා සොයාවිත් තිබුනි.
ඉතින් සුහදිනි,
අප ඉනික්බිත්තේ ඇති
ජීවිතය කෙබඳුදැයි
විටින් විට
බිය ගනී මා සිත.
ඒත් මේ තත්පරයෙ
තාවර වෙවී නුඹ අස
ප්‍රේමයෙන් මුසපත් වනු මිස
කවර නම් අන් සැපතක්
වේවිදැයි මේදියත මාහට.








2 comments:

  1. අවසාන ප්‍රේමය කිව්වේ ආයෙ ළමයි හදන්නැද්ද බං?

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...