Saturday, June 11, 2011

මම කන්නන්

පොඩි බේබි බැටිංමයි
හැමදාම මං තමා
කාණුවේ රිංගුවේ
බෝලෙ යන යන සැරේ

ලැයිං කොන පිට්ටනියෙ
වත්තෙ සෙට් එක මැද්දෙ
හයේ ෂොට් සෙන්චරිස්
දාපු කන්නන් මමයි

කෝ ඉතින් පොඩි බේබි
ස්ටම්ප් තුන ගැලවුනත්
අවුට් එක දෙන් නෑනෙ



                                                         

7 comments:

  1. සමාජ පන්ති දෙකක වෙනස.,
    පොඩි මිනිහා කොච්චර දැගලුවත් අන්තිමේ වැජඹෙන්නෙ ඉහල සමාජ පන්තිය..

    ReplyDelete
  2. කන්නන් ලා හැමදාම ඉවසං ඉන්න එකක් නැතිවෙයි...!

    ReplyDelete
  3. කන්නන් ..
    තව ඉවසපන් බන්....
    ඒත් කවදා වෙනකන්..
    ඉවසන්නද බන්....

    නංගිලා මල්ලිලා...
    රොත්තක් පිටින් ඇති....
    අම්මටයි අප්පටයි.....
    උඹව හයියක් වෙන්නනන්...

    ReplyDelete
  4. උඹේ ශෛලියට මං කැමති මචං! තව වෙනස් විදිහට බලපන්! ජය වෙවා!

    ReplyDelete
  5. නියමයි.. යථාර්තය හරියටම දැකල තියෙනවා..

    ReplyDelete
  6. කන්නන්
    පිත්ත උදුරන දිනය
    ඈතක නොවේ
    පරිස්සම් වෙයන්
    පොඩි බේබි.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...