Sunday, June 5, 2011

කලාපෙට රෑ උනාවේ ...

නමට නිදහස් කලාපේ
ගෙස්ට් හවුස් කුටි ජනේලෙන්
රලට ඉහලින් නිවී දැල්වෙන
අහස් යන්තර කුරුල්ලෝ
 
නයිට් ෂිෆ්ට් එක යකාටයි
ආටා මල්ලිට දෙසීයයි
වලලු ගැහිලා කලින් ජංගිය
එබුනෙ දොර කොන එතීලයි

බාගදා ඉඳහිට උනත්
වජිරනාතට වැඳ වැටී
මේ බිත්ති මැද ගෑණියෙක් උනු
දාට හිත යනවා ඇතී

එදා හිට අද වනතුරා
ප්ලේන් බෑවා නැග ගියා
ගිමන් හල බිමකුලිය ගන්නා
එයා පෝට් එක මම උනා

හැලි බඩට මුගෙ මිරිකිලා
දාහ මදි හිත කියනවා
හතර පාරේ ගමට බස් එක
දැකල තාමත් ඇඬෙනවා

8 comments:

  1. කවුද කලූ වජිරනාථ?

    ReplyDelete
  2. හ්ම්...ලස්සනට ගලපලා තියනව

    ReplyDelete
  3. මරු.. වෙන කියන්න දෙයක් නෑ..

    ReplyDelete
  4. අපූරු නිර්මාණයක්...
    ඇත්ත කථාව බොක්කටම වදින්න කියල තියනවා...
    "නමට නිදහස් කලාපේ..." මගේ සිත්ගත්ම යෙදුම...
    ජයවේවා...

    ReplyDelete
  5. "එදා හිට අද වනතුරා
    ප්ලේන් බෑවා නැග ගියා
    ගිමන් හල බිමකුලිය ගන්නා
    එයා පෝට් එක මම උනා"

    ලස්සන සමාන කිරීමක්. නමට නිදහස් කලාපෙම තමයි. මෙවන් කතුන් ගැන වෙනස් විදිහකට හිතන්නට ඔබේ කවිය පොළඹවනවා.

    ReplyDelete
  6. එළි පිටම සභ්‍යත්වය විනාශකරලා.හරි ලොකු දෙයක් වෙන්න ඇති................

    ReplyDelete
  7. නිදහස් වෙළඳාම.....!

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...