Sunday, June 26, 2011

මෛථුන පියාසැරියට කලින්...


අද ඉර බහිද්දි
මං නොපවතීවි..
නුඹ මට වඩා
කලක් ඉඳීවි..
ඒත් නුඹත් දවසක
එක ඉරක් එක්ක
බැහැල යාවි..
මේ ජීවන දහරෙ
අසුරක මොහොතක
හී තුඩ පමණ නේද
අපි..
තරංගය අනවරතයි
නොනැවතීම ඇදේවි..
නුඹේවත් මගේවත් නමට නෙවෙයි
වරිගෝන්නතියට සවුදිය පුර පුර..
ඊලඟ තත්පරේ මරණයත්
ඉරිසියාවෙ පැලේවි
මගෙ
විභව තණ්හාවෙ තරමට..
ඔය මදෑ සොඳුරිය 'අට' ගැහුව
'ට්‍රයල්' දෙන වෙලාවත් ඇවිත්..
ගිලෙමු අපි
අපෙ සසඟෙ
නිරාමිස රුතියෙන්
මේ
අනියත අහස් ඕවිල්ලේ...

6 comments:

  1. "නිරාමිස රුතියෙන්"‍; ආමිස නොවන සේ සිදුවන්නේ කෙලෙස එය?

    ReplyDelete
  2. එක ඉරක් බැහැලා ගියාට තව ඉරක් ආයෙම පායනවා කියලා හිතන්න එපැයි.

    ReplyDelete
  3. අද තමා මේ පැත්තේ කැරකුනේ....මරු.....

    "ඒත් නුඹත් දවසක
    එක ඉරක් එක්ක
    බැහැල යාවි.."

    මං හරි ආසයි මේ ටිකට......

    ReplyDelete
  4. වරිගෝන්නතියට සව්දිය පුර පුර
    ඉරක් එක්ක
    යම් දවසක
    අප බැහැලා යාවි...

    බොහෝ මිනිස්සුන්ටත් පොදුයි.
    රමණීය රචනයක්.

    ReplyDelete
  5. නිසංස අය්යේ,අද හවස මැරෙන්න වෙන බව දන්නවනම් මෛථූනය නිරාමිස ඇති කියල හිතුන.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...