Wednesday, August 3, 2011

නැවක් කතා කරයි


නැවක් වේද යම් මුහුදේ යා යුතු
බැහැ නවතිනු එක පහන් ටැඹ නමින්
මග දැනගනු ඇර වේද අන් පලක්

දැක තිබේද නුඹ ටැඹ අස වෙරළේ
ගිම් නිවනා එකකුදු නෞකාවක්

නැහැ නැහැ

මක් නිසාදයත් එලෙස පැතූ නැව්
පතුල සිඹින්නා මුහුදට ගව්දුර
නැත්නම් කුළු මත හැපී ගිලෙනු ඇර

කාටත් සුබ වේ නැව තම ගමනේ
තුති හැඟුමන් හදවත පුරවාගෙන

               

3 comments:

  1. සංකල්පෙනං එච්චර හොඳ නෑ කොල්ලෝ.හොඳයි දැං ඔහොම පාර අහං අහං ගිහිං කොහෙද නවතින්නෙ?

    ReplyDelete
  2. හිතන්න බොහොම දේවල් ඇති ලියමනක්.සැබවින්ම ප්‍රදීපාගාර අසල ඇත්තේ සිදුනු බිදුණු නැව් පමණි,එයද දිය යට වැලලීය.

    ReplyDelete
  3. මඟ අසාගෙන
    මඟ දමා යන
    මඟ කියා දුන්
    පහන් ටැඹ

    නැවුම් අදහසක්. අගෙයි !!

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...