ඉර මැරිලා පාවෙනකොට
හිම කපාන කෝච්චි ගිය
රේල්පාරෙ ඈතින් එන
සමිසෙන් නද විඳ විඳ
තනි පිල්ලෙ ඇවිදින්නට
ආසයි මට...
සරත් කාලෙ මොමිජි හෙවනෙ
දේදුනු ඇතිරිලි පොරෝන
රෑ අහසේ තතාමියේ
හොඳම තැනක තරු වියන්න
ආසයි මට...
හෑල්ලුවට බුබුලු දාන
උණුදිය පොකුණත අයිනේ
ඔබි පටියට වැටෙන්න ඇර
ලැම වෙහෙසත් වත පියරුත්
දියකරලා පා කරන්න
ආසයි මට ආසයි මට....
බෙලි මිරිකපු කාකු රැලත්
හූ කියනා මූදු අඬත්
කවුලු දොරින් එන බිල්ඩිං
හා හූ දෙන නාකි එවුන්
එපා වෙලා දැන්නං මට
ඕනෑ........
ගේෂාවක් වන්නට
ගොක් ලස්සන නිර්මාණයක්..ගේෂාවන් ගැන නිර්මාණ බිහිවීම කලක් රැල්ලක් බවට පත්වෙලා තිබුණා..ඒ විසිවෙනි සියවසේ අගභාගයේ..කොහොමවුනත් අදටත් ඒකේ අඩුවක් දක්නට නෑ
ReplyDeleteබොහොම ස්තුතියි ජනරංග
Deleteමේ ජපන් කවියක්ද කොහෙද අපිට කොහෙද හිම..
ReplyDeleteඒක තමා අමිල එයත් කියන්නෙ.මේ ලංකාවෙ කෙනෙක් ගැනනෙ කියන්නෙ :)
Delete