තන මත්තක් දියේ එරෙමින්
සොවින් නරඹනු දුටිම්
සිහින ගිජිඳුගෙ ආලවට්ටම්
කිමිද විල්ලුව දියේ
හැංගුනු නුඹ බලන්නට
සොඬ පමණකිය දිය මත
නුදුටුව බවට සැක නැත
ඉර ගිනිගත්ත කාලේ
වළවේ වැලි තලාවේ
නුඹ තෙමන්නට මඩ ගොහොරු
ඉඹේ මැවුනා යැයි සිතුවාද
මඩ දිය බිඳිති ඉසිමින්
මා ඩා බිඳු වැස්සේ
පෑ නිය රිදුම් දෙද්දී
නුඹ නම් නොවේ හිටියේ
ඕලු වැල් හොඬගෙන
ඔහු මග නගා පා පොඩි
මගක ඉකිබිඳි නුඹ
හැරුනාද හැඬුවා මිසක
හඳවල් හත අටක දුර
ගිනි බිඳුනාය එක්පය
ගිජිඳියෙ මා සිහින රුව
නුඹත් රැල හා පැන්නෙ ගං දිය
ගාටා ගවුගණන්
අද වණ පයද කොරයෙන්
මාවත් දෑලවර
යනෙන මනුදන කෙරේ සිඟමන්
ඉඳහිට කුණුවලට
එති යති ගැහැණු එක දෙක
උන්හැඩ රූ අතර
උඹේ කන්පට තව සොයමි මම
තාමත් ඉර නගිනවා
හීනය පණ ගැහෙනවා
අප හොඬ වෙලෙන දවසක්
ඒවි යැයි හෙට වලව ඉවුරට
-බුන්දල සුගත්-
ලස්සනයි.. ඇත්තටම..
ReplyDeleteඅදයි මෙ පැත්තේ ආවේ... කවුද "බුන්දල සුගත්" කියන්නේ??
Bundala Sugath kiyanne Eyatama thami wenakatawath nove.
ReplyDeleteඅනේ මන්ද මම නම් දන්න සුගත් හිටියෙ ගොලු හදවතේ....:)
ReplyDeleteයකෝ අළුත් එකක් ලියපංකෝ.උඹ පට්ට විදිහට අල වෙලා.
ReplyDeleteඈ බොල මෙකලටත් අල නොවී කිකලෙක නම් අල වම්ද ?
Deleteමේ පැත්තට ඇල වුනේ අදයි ඔන්න.
ReplyDeleteලස්සන පද වැලක්. හිතන්න යමක් තියේ වගේ..
ලස්සන අදහස.. ම්ම්ම්... හිතන්නත් යමක් තියේ වගේ. අගෙයි
ReplyDeleteමේ පැත්තට ආවෙ අද ඔන්න
අපි වගේව ආදරයෙන් පිලිගන්නව .නිතරම ඇවිත් යන්න ඕනෙ ඉතින්.
Deleteපවු අලියා..අලි කෑල්ල මතක් වෙලා නේද?
ReplyDelete