Sunday, January 22, 2012

ගොලු හදවත


බෙරු ගස් ගාල් අස්සේ
තන මත්තක් දියේ එරෙමින්
සොවින් නරඹනු දුටිම්
සිහින ගිජිඳුගෙ ආලවට්ටම්


කිමිද විල්ලුව දියේ
හැංගුනු නුඹ බලන්නට
සොඬ පමණකිය දිය මත
නුදුටුව බවට සැක නැත


ඉර ගිනිගත්ත කාලේ
වළවේ වැලි තලාවේ
නුඹ තෙමන්නට මඩ ගොහොරු
ඉඹේ මැවුනා යැයි සිතුවාද


මඩ දිය බිඳිති ඉසිමින්
මා ඩා බිඳු වැස්සේ
පෑ නිය රිදුම් දෙද්දී
නුඹ නම් නොවේ හිටියේ


ඕලු වැල් හොඬගෙන
ඔහු මග නගා පා පොඩි
මගක ඉකිබිඳි නුඹ
හැරුනාද හැඬුවා මිසක


හඳවල් හත අටක දුර
ගිනි බිඳුනාය එක්පය
ගිජිඳියෙ මා සිහින රුව
නුඹත් රැල හා පැන්නෙ ගං දිය


ගාටා ගවුගණන්
අද වණ පයද කොරයෙන්
මාවත් දෑලවර
යනෙන මනුදන කෙරේ සිඟමන්


ඉඳහිට කුණුවලට
එති යති ගැහැණු එක දෙක
උන්හැඩ රූ අතර
උඹේ කන්පට තව සොයමි මම


තාමත් ඉර නගිනවා
හීනය පණ ගැහෙනවා
අප හොඬ වෙලෙන දවසක්
ඒවි යැයි හෙට වලව ඉවුරට


             -බුන්දල සුගත්-







9 comments:

  1. ලස්සනයි.. ඇත්තටම..

    අදයි මෙ පැත්තේ ආවේ... කවුද "බුන්දල සුගත්" කියන්නේ??

    ReplyDelete
  2. Bundala Sugath kiyanne Eyatama thami wenakatawath nove.

    ReplyDelete
  3. අනේ මන්ද මම නම් දන්න සුගත් හිටියෙ ගොලු හදවතේ....:)

    ReplyDelete
  4. යකෝ අළුත් එකක් ලියපංකෝ.උඹ පට්ට විදිහට අල වෙලා.

    ReplyDelete
    Replies
    1. ඈ බොල මෙකලටත් අල නොවී කිකලෙක නම් අල වම්ද ?

      Delete
  5. මේ පැත්තට ඇල වුනේ අදයි ඔන්න.
    ලස්සන පද වැලක්. හිතන්න යමක් තියේ වගේ..

    ReplyDelete
  6. ලස්සන අදහස.. ම්ම්ම්... හිතන්නත් යමක් තියේ වගේ. අගෙයි

    මේ පැත්තට ආවෙ අද ඔන්න

    ReplyDelete
    Replies
    1. අපි වගේව ආදරයෙන් පිලිගන්නව .නිතරම ඇවිත් යන්න ඕනෙ ඉතින්.

      Delete
  7. පවු අලියා..අලි කෑල්ල මතක් වෙලා නේද?

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...