Saturday, April 14, 2012

අවුරුද්දේ ස්තුති කතාව




හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!ඉතින් මොන විදියටද මේක ලෝකයාට කියන්නෙ කියල කල්පනා කරා.පොර සෙයියාවෙන්ද? එහෙම නැත්තං අහිංසක පුංචි ආඩම්බරෙන්ද අනේ මන්ද අන්තිමට විදියක් හිතාගන්න බැරි උන හින්ද එහෙම් පිටින්ම කියල දාන්න හිතුව.මේකයි ...!
මේ බ්ලොග් පිටුව පටන් අරන් හෙටට අවුරුද්දක් පිරෙනව.
මේ තියෙන්න මම පලවෙනියටම දාපු පෝස්ට් එක.
ඉතින් මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ කීප දෙනෙක්ම ඉන්නව විශේෂයෙන්.ඒ අයට ස්තුති කරන්නයි විශේෂයෙන් මේක දාන්න හිතුවෙ.මුලින්ම මම ආදරයෙන් මතක් කරනව ලහිරුව ඒ කියන්නෙ මාවම.මොකද වැඩක් පටන් අරන් අවුරුද්දක් තිස්සෙ අතරින් පතර උනත් නවත්තන් නැතුව කරන් යන්න තරම් ධෛර්යයක් මට තිබ්බ එක ගැන මම හුඟක් සන්තෝස වෙනවා.ඒකම මට හුඟක් වටිනව.ඊලඟට තමයි වැදගත්ම කෙනා.එයා තමයි මට  ඉරණමෙන්ම හම්බෙලා තියෙන සෝදුපත් බලන්නිය.හැම කවියක්ම ලිපියක්ම මුලින්ම දකින්නෙ එයා.මේක හරි නැහැ,මේක චාටර්,මේක නං ටිකක් ෂේප් කියල මාව නිතරම දිරිගන්වන්න ඇය තමා.එයාට මගේ ලබැඳි ප්‍රණාමය.ඊලඟට පිලිවෙලේ හැටියට නම් පණ්ඩිත්.මේ දවස්වල මාත් එක්ක තරහ උනාට මුලින්ම බ්ලොග් හදන්නෙ කොහොමද කියල ඇහුවම බ්ලොග්ස්පොට්.කොම් පැත්තෙ ගිහින් බලපං කිව්වෙ පණ්ඩිත්.එහෙම ගිහිල්ල ඔහේ ඊලඟ පියවරවලට ගියාම මම දන්නෙමත් නැතුව බ්ලොග් එක හැදුන.මුලින්ම ඩිෆෝල්ට් හැදුන ඩිසයින් එක මාස ගානකට පස්සෙ මාරු කරෙත් පණ්ඩිත්මද කොහෙද.
ඊලඟට මම මුහුණ පාපු දුෂ්කරතාවය තමා අනික් හැමෝගෙම බ්ලොග්වල තියෙන විජෙට්ටු මගේ එකටත් දාගන්නෙ කොහොමද කියල.හැම එකටම පණ්ඩිත්ටම කරදර කරන්න බැරි හින්ද තනියම ඒව දාගන්න සෑහෙන ට්‍රයි කරා.ගූගල් වලින් වැඩ දාල උනත් අන්තිමට දැන් තියෙන ඔක්කොම දාගන්න බැරි උනා.ඒ වෙලාවෙ ලැජ්ජාව පැත්තක තියල ප්‍රාර්ථනා නංගිගෙනුයි අසංක අයියගෙනුයි ඒව දාන්නෙ  කොහොමද කියල අහගත්ත.
මම ලියපුව හුඟ කෙනෙකුට තේරෙන් නෑ කියන ප්‍රශ්නය ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම තියෙන එකක්.බ්ලොග් එකටත් ඒකෙ වෙනසක් උන් නෑ.ඒකට හොඳම උදාහරණ තම මේ පෝස්ට් කීපය.
ඒකට හේතුව තමයි දෙන්න හදන පණිවිඩේ කවිය හරි කතාව ඇතුලෙ හරි හංගල කියාගන්න ගියාම අන්තිමට ඒක මටවත් හොයාගන්න  බැරි විදියට හැංගිලාම යන එක.මගේ සමීක්ෂණ වාර්තා වලට අනුව වැඩිපුරම බ්ලොග් එක ලියවිලා තියෙන්නෙ එක්සෑම් ස්ටඩි ලීව් කාලවල.වැඩක් හරියට නැති කාලවල ලියවෙන්නෙ ඉඳහිට තමා.ඉතින් බ්ලොග් එකටත් මම ස්තූතිවන්ත වෙනව එක්සෑම් කාලෙට මගෙ විවේකය ගතකරන්න දඩ මීමා වෙනවට.
බ්ලොග් එකට කමෙන්ට් කරල දිරිගන්වන හැමදෙනාටමත් ස්තූතියි.  ෆැකල්ටියෙදි හම්බෙලා අදහස් යෝජනා දෙන හැමදෙනාටමත් ස්තූතියි.මේක මුලින්ම පටන් ගත්තෙ හිතෙන දේවල් කවිවලට හරවල ඉදිරිපත් කරන්න.ඒත් පස්සෙ මම යන යන තැන්වල විස්තර දාන්නත් මට හිතුන.ඉස්සරහට තව මොන මොනව දාන්න හිතෙයිද දන් නැහැ.සියලු දේ අනිත්‍යයි කියනවනේ.තව පොඩි දෙයක් බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලෙ නලිනි චන්දිමා අක්ක ඇතුලු හුඟාක් දෙනා සතුටු හිතෙන විදිහේ අදහස් දක්වලා තිබ්බා.ලත් තැන ලොප් නොවී මෙච්චර දුරටවත් මේක කරන් එන්න ඒක මුල්දවස්වල ලොකු හයියක් වුනා.
අවසාන වශයෙන් මගේ මනස්ගාතවලට මහන්සියෙන් හරිහම්බු කරගත්ත සල්ලිවලින් ලැප් එක අරන් දීපු පොඩි මම්මවයි ඩොංගල් එකේ බිල ගෙවන්න තරං කාරුණික වෙන අම්මවයි අප්පච්චිවයි ඒ වගේම හුඟක් වෙලාවට ඩොංගල් එක ඉවර උනාම මගේ සහයට ඉන්න ෆැකල්ටියෙ වයිෆයි එකයිත් හොස්ටල් එකේ වයිෆයි එකයිත් ආදරයෙන් සිහිපත් කරනව. ඉතින් මේ පෝස්ට් එක දාන හිතුවෙ මගේ සෝදුපත් බලන්නිය ඇරෙන්න කවුරුවත් මේ විස්තරේ දන්නෙ නැති හින්දයි.ඒ මොකද අනිත් මිනිස්සුන්ට වෙන වැඩ නැතුවය මගේ පලවෙනි පෝස්ට් එකේ ඉඳන් දින ගැන ගැන ඉන්න.
හරි...! එහෙනන් මට වැරදුන් නැත්තං ස්තුති කරන්න හිතන් හිටපු හැමෝටම ස්තුති කරා.ඉතින් අනේ කාව හරි අමතක උනානං මම දෙවෙනි ඇනිවසරියෙදි ස්තුති කරන්නම්කො.

 ඉතින් ඔන්න ආයෙත් කියනව පුලු පුලුවන් වෙලාවට ඉතින් මේ දිහාවෙදි හම්බෙමුකො.හැමෝටම ප්‍රීතිමත් නව වසරක් වේවා                                                                                  
                                                                                           
                                                                                       
                                 

14 comments:

  1. ජය වෙවා ! තව තවත් ලියවේවා !

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ප.ලි - අකූ ලියන සමහර ඒවා තේරෙන්නෙ නෑ කියන එක නම් ඇත්ත. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම දන්නවනේ මම ගැන :)

      Delete
  3. තව තවත් ලියනන්න මල්ලියාට ශක්තිය හා දිරි ලැබේවා.... ඒ වගේම ලැබුවාවූ අලුත් අවුරුද්ද සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. ඉස්කෝලෙ යන කාලෙත් 10/11-H පන්තියෙ deskවල.... "UNKNOWN"  කියල ලස්සන poems ලියවුණා....තවමත් හුඟක් හොඳට ලියනවා....අනාගතෙත් තව හුඟක් සිතුවිලි ලියවේවා කියල ප්‍රාර්තනා කරනවා...අකු ඔබට  ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒ කාලෙ තමා මුලින්ම කුරුටු ගාන්න හිතුනෙ...බිත්ති වල,පොත් පිටිපස්සෙ,ඩෙස්ක්වල......අනේ මන්ද යමුනා මිස්ට ප්‍රේමලතා මිස්ට එහෙම පින් සිද්ධ වෙන්න ඇති උන ආසාව තාමත් එහෙම්මම තියෙනව.ඉතින් චන්දි ස්තූතියි ඒ මතකය අලුත් කරන්න උදව් උනාට :)

      Delete
  5. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි දහිරිය වැඩෙන පද කීපයට...එසේම වේවා

      Delete
  6. නංගිට ක්ලාස් කරන්න ආව වෙලාවෙ පත්තර වලට දැම්ම කවි ටික අම්ම මට පෙන්නුවාට මං ඒ වෙලාවෙ කවි 2යි බැලුවෙ.
    මේච්චර පට්ට භාෂාවකින් පට්ටම කවි ලියනව කියල හොදටම දැන ගත්තෙ මේ බ්ලොග් එකෙන්. මම මගෙ බ්ලොග් එක ලියන්නත් පටන් ගත්තෙත් ලහිරුගෙ මේ බ්ලොග් එක දැකලා... සිරාවටම පට්ට.... මං ඇත්තටම හිතාගෙන හිටියෙ මෙඩ්ඩන්ට ඉංජන්ට වගේ කවි ලියන්න වෙලාවක් නෑ කියල.. මෙඩ්ඩො කියන්නෙ පොත් ගුල්ලො කියලා.... ඒක එහෙම නෙමෙයි කියල මමම දැන් කියනව ඕන්..... මං කිව්වෙ මං දැකපු බ්ලොග් වලින් පට්ටම කවි තියෙන්නෙ මේකෙ තමයි... ආයෙ මොකටද බොරු කියන්නෙ... සිරාම බ්ලොග් එක....
    මගෙන් සුබ පැතුම් ඈ................

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් පොත් ගුල්ලෙක් තමා... :)
      හැබැයි ඉතින් තව තව අතුරු මිතුරු වැඩත් තියෙන්න එපාය...ජීවිතේ එක දේකින්ම විතරක් සතුට සම්පූර්ණ වෙන් නෑනෙ.ඉතින් ඔයාටත් සුබ පැතුම්...පුලුවන් තාක් කල් ලියමු

      Delete
  7. අනේ බං ඔච්චර පණ්ඩිතයට ඉස්තූති කරලත් ඌ නිකං අධෝ වාතයක් තරංවත් ගණන් ගත්තෙ නෑ නේද??

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බන්...ඌ ගනන් ගත්තෙ නැති උනාට මට කෙළෙහි ගුණ තියෙන්න එපායැ

      Delete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...