මේක උන්ගේ ප්ලෑනකී
අපේ රට පහලට දමන්නට
අටවාපු මර උගුලකී
වෙනද හරියට බක් මහේ මැද
මියුරු නද දුන් රජ කොහා
දුරුත්තේ රෑ දෙගොඩහරියේ
ඉඳන් මරහඬතලනවා
වෙනද අපි කෝ කෝ කොහෝ
කියපුවම ලෙංගතුකමින්
දුන්න පිළිතුර නම් නොවේ අද
දෙන්නෙ මේ හොරිකඩ කොහා
අවුරුද්දෙ සංකේතය
සිංහලේ අභිමානය
වට්ටවා අප භංග කෙරුමේ
'රෝ' කුමන්ත්‍රණයකි මෙය
අපේ සංස්කෘතිය විනාශ කිරීමේ ඉන්දියානු කුමන්ත්‍රණයට ඔබත් විරුද්ධ නම් මෙය SHARE කරන්න.
අනිවා මචංඔය ඉන්දියාව තමයි මේ හැම කෙහෙල්මලක් පිටිපස්සෙම ඉන්නෙ. (මේ එතකොට දැං බටහිර බලවේගවලිං මොකුත් බලපෑමක් නැද්ද? මේ දවස්වල ඉන්දියාවටද බණින්නෙ?? )
ReplyDeleteපාරිසරික වෙනස් වීම් වල බලපෑම් තමා! ගිය අවුරුද්දේ කොළඹත් නුවරඑළි උනා කියන්නේ නේද?
ReplyDeleteඒක නම් ඇත්ත.. ඉස්සර වගේ නෙමෙයි කොහාටත් දැං දැං අවුරුදු කාලය පැටලෙනවා...
ReplyDeleteඑල අයිඩියා එක
ReplyDelete