Saturday, May 5, 2012

මැයි දෙවෙනිදා


අවුරුද්දට එකම දවස
අල්මාරියෙ කොනක පිපෙන
කපුරු බෝල සුවඳ පොවපු
අත්කොට කමිසේ...

පාණ්ඩු පෑ රතු පාටට
රතු කියන්න බැරි තරමට
අව් සැරේට වැහි පොදේට
දියවෙලා ගියේ...

අප්පච්චී උදේ රැයින්
පොල් කටු ගින්නේ පළහං
නැමි රාසිය එක දෙකකට
අඩුකර ගනිතේ...

අලුත් කමිස රැලට යටින්
හැමදාමත් එක දවසක්
එළඹෙනකං අවුරුද්දක්
බලාන ඉන්නේ...

උදේ රැයිං රේල්ලුවෙං
කැන්දං ගිය අප්පච්චී
ගෙට ගෙවදින තුරු ඉඳපං
නිර්ධන කමිසේ...

එක දවසේ පංති හටන
පහුවදාම පාවාදුන්
ජුදාස් එනකං නේ 
උඹ බලාන ඉන්නේ...

දිය බේරෙන වැලේ කොනක
කණ කැස්බෑ ඉර එළියෙන්
අද විතරක් සැනහීයං
අත් කොට කමිසේ...


7 comments:

  1. කවිය නම් පංකාදු පහයි !!!!
    මට හිතෙන විදිහට ඔය වාමාංශික කාරයෝ ඒ දවසට විතරමද කොහෙද රතු කමිස අඳින්නේ.

    ReplyDelete
  2. කියන්න වචන නෑ.. මේකනම් උපරිමයි..

    ReplyDelete
  3. ස්තුතියි හැමෝටම

    ReplyDelete
  4. යතාර්ථය..

    ගැලපුම
    උපරිමයි...!

    ReplyDelete
  5. ඇත්ත... ඕක තමයි හැමතැනම වෙන්නනේ. ඒත් අපිට එහෙම නොවන සැබෑ වමක් හොයන්න වෙනවා.. නැත්නම් හදන්න වෙනවා. මොකද සමාජවාදයෙන් තොර අනාගතයක් අපි කාටවත් නෑ. මුළු ලෝකෙටම..

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...