Monday, June 4, 2012

පිතු පාරමිතා



තටු අග බල්බයක් රැඳි
කුරුලු පියෙකි බසයේ මුල...


මැදිරිගිරියේ
වනේ බෙනයක
ඉන්න පැටවුන්
ගැන කියයි තව


හීලියම් හරි බරට පිට උන
බල්බය
බිඳියි තටු මත...


අසරණ සිනා සලමින
තලයි වීදුරු කටු
ගලනාලයට ගැලපෙන ලෙස


අයා මුව
විකා කටු කුඩු
ගිලින්නට පෙර
යදී රුපියල්


හුණට දහයේ කොල ගෙන
ගිලී  සපමින
දන මුව බියෙන් අයවන...


උගුරෙන් පහල
බඩටත් මදක් ඉහලින
තැනක් ඇතුවා මෙන
රුපියලුත් වීදුරුත් හාවෙන...


දහඩිය ලේ කෙලද
අනා 'සෙරිලැක් ' තනා තලි තලි
තදකර උගුර මැද
පියාඹාවී මැදිරිගිරියට


දමා බිලයෙන් හිස
මග බලන පොඩි හොටකට
වමාරා කැවු තලපේ
අනේ වීදුරු කටු නොවීයං


සපුගස්කන්ද ගිනි හුළ
උඩින් පියඹා මැදිරිගිරියට
යනු රිසි කුරුලු පිය
කවුළුවෙන් ඒ දෙසම බලමින


                                                                                           
                                                                                                       
                                         


                                                                               
             

3 comments:

  1. ඇත්තම එකක්ද හිතලා ලිව්ව එකක්ද.. :O

    ReplyDelete
    Replies
    1. දෙතුන් පාරක්ම දැකල තියෙනව බස් එකේදි

      Delete
  2. මමත් දැක්කා නොවැ මේ ළඟදි.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...