Sunday, August 4, 2013

ඉබ්බෙක්මි













දියෙන් එපිට වනපෙත ගිනිගෙන ඇත
කටුව යටට හිස පමණකි දියමත
අඩක් දැවුනු පත් දියට වැටෙන සඳ
මදක් දුමැති නල රැළිති හමනු වෙද

මගේ පොකුණු දිය තවදු බොරව නැත
දැවුනු වදුලු මත තණ පූදිනු ඇත
නොවෙද සිතූ මේ මහලු ඉදිබු තෙම
ගැඹුරු හුස්ම ගෙන පතුලට කිමිදෙත


2 comments:

  1. පොකුණු දියද බොරවන දින වැඩි ඇතක නොව.

    ReplyDelete
  2. රතුපස්වල පැත්තේ වතුර බං ආම්ලික වෙලා තියෙන්නේ.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...