Monday, September 30, 2013

විවාපත් මිතුරියක කී කව


මිතුර
පෙමකින් මෙහා
සහෘදත්වයෙන් එපිටහ
තැනක් මෙදියත වේද
අපට මිතුරන් විය හැකි
නො එසේනම්
වෙනමවූ ශ්‍රිතයකදි
දිගෙලි වෙන බැඳුමක්ද

හිමි තුරුල සුව සදයි
දිවි සැරිය ඔහුත් හා
පානගමි එය සැබැයි
එතෙකදු අනිෂ්ටව
අපට ගල් ගසාවීයැයි භයින්
තවත් මිතුරු නොවී හිඳිමුද

එහෙව් සුරැකි තෝතැන්නක
පෙමට මෙහා මංකඩෙක
දිනෙක හිරු ගිලෙන්නට පෙරව
හමුවෙලා වෙන්වෙන්න හැකි වේද
හැකි නේද 

No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...