Saturday, May 28, 2011

ආයෙ එනව සුම්මා....

දැන් උඩ පැනං ගියාට...
ඒකිගෙ හෙලුවත් දෙවරක් චක්කරේ වෙලා,
සාක්කුව දංකුඩේටම හූරං කාල,
ඔය ඉමිටේෂං උර චක්කර මාලෙ දිස්නෙත් ගිය දාක
උඹට අඬන්න කඳුලුවත් නැතුව
බල්ලෙක් වගේ නැට්ට අකුලං
මගෙ දෙපතුල හොයාගෙන ඒවි

හැබයි දැනගනිං පුතෝ
එදාට මාව
මේ දීපංකරේ නං
හොයනව බොරු....

                                                                                               -(ෂකිරාගේ  si te vas ගීතය ඇසුරිනි)

                                                                                                              ෂකීරාගේ වීඩියෝවට...



3 comments:

  1. im so lonely.. broken angel...

    ReplyDelete
  2. එහෙම තමයි කොන්ද කෙලින් තියන් ඉන්න ඕනේ

    ReplyDelete
  3. අන්න අදහන්න වටින ගෑණු. "රැජින පලා ගිය දවසක එන්න මා සොයා" කියන බොලඳ ගෑණුන්ට වඩා මෙන්න මෙහෙම තමන්ගෙ වටිනාකම තේරුම් ගත් ගැහැණුන්ව අගය කරන්න ඕන.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...