Tuesday, August 30, 2011

අහස නුඹ


හිත බර වෙලාවට
හති හලන්නවත් ඉඩක් හම්බුනාම
මම මුලින්ම හැරෙන්නෙ උඹ දිහාවට
උඹ කරුණාවන්තයි
අපෙ හැම ඊයම් බරුවම
ලොකුවට හරි පොඩියට හරි
අහසෙ කොනකවත්
වළාකුලු තීන්තෙන්
අඳුරගන්න පුලුවන් තාලෙන් ඇඳල
හිතට එකම කැඩපත වෙන්න තරං
කරුණාවන්තයි උඹ

5 comments:

  1. ලස්සන පද පෙළක්!

    ReplyDelete
  2. නියමයි... මාරගති...

    ReplyDelete
  3. ලස්සනයි.අහස,මුහුද අපේ දුක අහන් ඉන්නවා.මම නම් හුගාක් වෙලාවට හිතට දුකක් එහෙම දෑනුනම යන්නෙ මුහුදු වෙලරට.

    ReplyDelete
  4. අහස දිහා බලන් ඉන්න
    ආසයි ගොඩක් වෙලාවට
    හිතට දැනෙන නිසන්සල බව
    ආස‍යි අත්විඳින්නට....

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...