Sunday, April 15, 2012

පින් මද මවු



මල්ලි නොවී උඹෙ අක්කල තුන්පොලට
යන්ට උනේ පස් මහ බැලුමේ පවට
උඹේ පයට පූදින්නට පියුම් නැතී
ආවේ මොකද අම්මට පවු පුරවන්ට


දවස් කුලිය ලෙවකන්නට මදිගානේ
බීගත් අප්පාට ගානක් නෑ වාගේ
හූරල නොදා උඹ ඇඬුවොත් මේ වාරේ
වලට තුන්වලක් සිකුරුයි එන වාරේ


කකුල් පල්ලෙ උඹ බේරුනු ඒ ජාමේ
මුලු හිත පැලී හිරිවැටුනා සියවාරේ
දෙතනගලම කිරි තදකර ඇඬුවාවේ
හිරිකටු ඔය දිගට මයෙ දුක පිපුනාවේ
                                                                                            
                                                                                                     
                                                                                           
                                      

6 comments:

  1. අනර්ඝ කවියක්

    ReplyDelete
  2. වස්තු බීජය විස්තර කළොත්???

    ReplyDelete
    Replies
    1. මල්ලි නොවී උඹෙ අක්කල තුන්පොලට,

      හූරල නොදා උඹ ඇඬුවොත් මේ වාරේ
      වලට තුන්වලක් සිකුරුයි එන වාරේ,

      කකුල් පල්ලෙ උඹ බේරුනු ඒ ජාමේ.....


      දෙතනගල හා හිරිකටු ඔය බලන්ගොඩ බෙලිහුල් ඔය ආශ්‍රිතව පිහිටා ඇත.ඉතුරුව ටික තිබිච්චාවෙ.. :)

      Delete
  3. අපූරු කවියක්......හැබැයි තේරුනේ අඩුවෙන්... යන්තම් ඇබෝෂන් එකක් වගේ දැනෙනවා.. පැහැදිලි කලොත් හුගක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. මීගොඩ නං ගිනි ඕං


      මල්ලි නොවී උඹෙ අක්කල තුන්පොලට,

      හූරල නොදා උඹ ඇඬුවොත් මේ වාරේ
      වලට තුන්වලක් සිකුරුයි එන වාරේ,

      කකුල් පල්ලෙ උඹ බේරුනු ඒ ජාමේ.....


      දෙතනගල හා හිරිකටු ඔය බලන්ගොඩ බෙලිහුල් ඔය ආශ්‍රිතව පිහිටා ඇත.ඉතුරුව ටික තිබිච්චාවෙ.. :)

      Delete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...