Thursday, May 19, 2011

උණ්ඩ නැතත් තවමත් බයිනෙත්තු ඇත

මේ කියන්න හදන සිද්ධිය වෙලා දැන් හරියටම අවුරුද්දක් විතර ඇති.උදේ පාන්දර ජාතික රෝහලේ ඕ.පී.ඩී. එක ඉස්සරහදි.ඇස්වාට්ටුව දිහාට යමින් හිටියා ආබාධිත සෙබලු තුන්දෙනෙක්.තුන් දෙනාම ඉරි කමිස සරම් ඇඳන් හිටියෙ.එක්කෙනෙක්ගෙ ඇස් දෙකම නොපෙනුනු පාටක් තමා තිබ්බෙ.එයාට කණවැල අල්ලන් ගිය කෙනාගෙ එක ඇහැක්වහගෙන හිටියෙ.තුවාල වෙලා මම හිතන්නෙ.අනිත් කෙනා කිහිලිකරුවකින් ගියේ.තුන් දෙනාටම වැඩිම උනොත් විස්සක් ඇති.ඒ වෙලාවේ පාරෙ අනිත් පැත්තෙන් පාන්දරින් ඔෆිස් යන ගෑනු ලමයෙක් ආව.ඇඟට හිරවෙන්න ඇඳල,සායත් නියම ගානට තිබ්බ මට මතක තරමට.කෙල්ලව මීටර් උනා කකුල නැති හාදයට.
"අඩෝ ....අර බලහන් පාර එහා පැත්ත.....පට්ටම කෑල්ලක් යකෝ...."

අපේ එකැස් හාදයත් එක පාරටම බලාපි.

"අම්මට හුඩු පිස්සු කොරයි බන්.."
එහෙම්මම කියවුනා.අපේ අනිත් යාලුවට ඉතින් නෝ චාන්ස්.

"අඩේ ඇත්තද බන්......"
තුන්වෙනියට හීල්ලුනෙ ඉබේමයි.
මම නං අට සිල් උපාසක නොවැ.ඒක නිසා කෙල්ල දිහා බලන්න ගියේ නෑ.කෙල්ලත් අපිව පාස් කරන් ගියා නලව නලව.හැරි හැරී කෙල්ල දිහා බලන්න ගියපු අපේ තනි ඇහේ යාලුව එක පාරටම පේව්මන්ට් එකේ තිබ්බ කණුවක හැපිල බිම වැටුන් නැතෑ මෙන්න.මාත් එක්කම කීප දෙනෙක් දැක්ක වැටෙනව.හැබැයි වැටුනෙ ඇයි කියල දැක්කෙ මං විතරයි.කොහොමහරි අනිත් දෙන්න දන පනි ගාල සගයව නැගිට්ටව ගත්ත.වෙච්චි වැඩේට තුන් දෙනාටම හිනා.වෙච්චි සංගදියට නෝන්ඩි දදා තුන්දෙනාම ඇස්වාට්ටුව පැත්තට ගෑටුවා.


ඔන්න ඕකයි සිද්ධිය.කෙනෙකුට හිතෙන්න පුලුවන්,හොඳ වැඩේ.අබ්බගාත වෙලත් කෙල්ලන්ට පෙරන්න යනවට කියල.වෙලා අවුරුද්දක් විතර උනත් ඒ සිද්දිය තාමත් හිතට වදදෙනව.



කකුලක් නැති උනත්,ඇස් දෙකම නැති උනත් ඒත් කොල්ලො.අත පය නැති උනාට අහවල් එක අබ්බගාත නෑනෙ.අපි මෙහෙට වෙලා ආතල් ගනිද්දි අපිටත් වඩා බාල,රැවුල වත් නැති දාසයේ දාහතේ කොල්ලො ලේ හැලුව.දෙපැත්තෙම.කවුරු මොන අරමුණෙන් කරත් යුද්ධය විනාසකාරීයි.දෙපැත්තෙම කාලකන්නි මහ මොල හින්ද අපි උපන් දා ඉඳන් විඳෙව්ව.සිංහල දෙමල කොල්ලො දාස් ගානකගෙ මිනී උඩින් අපි යුද්දෙ ඉවර කරා.වෙනද වගේ කොලඹ බෝම්බ පුපුරන් නෑනෙ.දැන් ඉතින් යුද්දෙ මතක තියන් ඉඳල මොකටද නේද.යුද්දෙ හැබෑ දුක දන්නෙ යුද්ද කරපු අයයි ඒ පවුල්වල අයයි විතරයි කියලයි මට හිතෙන්නෙ.යුද්දෙ නියම නිර්වචන දන්නෙ හැමදාම රෑට තනි ඇඳේ අඬන වැන්දඹු බිරින්දෑවරු.ඇස් කන් අත පය නැතුව රණවිරු නිවාසෙ අපා දුක් විඳින අපේම උන්.අපි හැමෝටම සමාජෙ නොයෙක් නොයෙක් ස්ථරවලදි යුද්දයෙ පශ්චාත් බලපෑම් වල සෙවනැලි හම්බෙනව.වාර්ගික මාමකත්වය යුද්දෙ කරන වෙලාවෙදි ඇති වෙනව තමයි.ඒත් හමුදාවට බැඳෙන බහුතරය එහෙම කරන්නෙ දුප්පත්කම නිසා.මහින්දගෙ පුතත් ප්‍රභාකරන්ගෙ දුවත් ඉගෙනගන්න රට ගියෙ එකයි.යෝෂිතල චාර්ල්ස් ඇන්තනිල හින්ද අපෙ අහිංසක කොල්ලො කෙල්ලො ගොනාට ඇන්දිල උණ්ඩවලට පපුව දුන්න.යෝෂිතල කවදාවත් යුද්දෙට ගියෙ නෑ.ඇන්තනිල මැරුනෙ අන්තිම මොහොතෙ.

ජාතික රෝහලේ වාට්ටු අතරෙ ඇවිදිනකොට සැරින් සැරේ මගෙ විඤ්ඤාණය හීරෙනව යුද්දයෙ මේ පශ්චාත් සෙවනැලිවලට.අනේ මන්ද හැමදාම මේ හිඟන්නගෙ තුවාලෙට මිරිස්කුඩුමයි වැටෙන්නෙ,බේතක් කවදා වැටෙයිද මන්දා




7 comments:

  1. ඇත්තමයි ඒ. අපිට වඩා යුද්දෙන් බැටකාපු උන් තමයි යුද්දේ නියම ස්වභාවය දන්නේ. හොද ලිපියක්. පුලුවන් නම් අමේ කමෙන්ට් දාද්දි එන වෙරිෆිකේෂන් කෝඩ් එක අයින් කරන්න. ඒක පහසුවක් වේවි කමෙන්ට් කරද්දි.

    ReplyDelete
  2. මචන් දේශපාලනය කියනේ හොඳ වියාපාරයක් ..කිසිම කෙනෙක් අනුන්ට සේවය කරන්න හිතාගෙනම බෝම්බ ගහගෙන වතුපිටි විකුණගෙන දේශපාලනයට එන්නේ නෑ.kaටහරි එහෙම උවමනාවක් තියනවනම් උට මhaන වෙලා දාන පාරමිතාව පුරන එක වැඩ ලේසිය්.
    මහින්ද පුතාව army එකට දැම්මෙත්,චාර්ල්ස් විලියම් ව අර්ම්ය් එකට දැම්මෙත් යුද්ද කරන්න නෙවෙය්. යුද්දේ market කරන්න.
    amry එකකට royal family එකක්ක member කෙනෙක් කියන්නේ celebrity appeal එකක්.එහෙම icon එකක් use කරන්න ඔන්න හමුදාව market කරන්න මිසක් වැලි කොට්ට අදින්න නෙවෙයි.(හරියට වැසිකිලිය සුද්ද කරන ayය එන්නකොට දොස්තර වැසිකිලි සුද්ද කරන්න යන්න ඕනනේ නෑ වගේ)
    කාලයක් තිබුන හමුදාවේ කිඋවම bus එකේදී පොඩි එකෙක් වත් උකුලට දෙන්නේ නෑ.මොකද අපේ රටේ නිදහස් සිනමාකරුව තමාගේ සමාජ වගකීම මැනවින් එටුකරමින් රණවිරුවා කොල්ල කාරයෙක් නැතිනම් අසහන කාරයෙක් විදියට මානව නිර්වචනය කරපු නිසා.
    එහෙම කලෙක මහින්ද පුතාව army එකට දැමීම තුලින් army එකට ගෞරවයක් ඇති උනා කියල මමනම් හිතන්නේ.
    යුද්ද කරන එක වරදිය් කියමින් සුචරිත වාදීන් වෙන්න ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම පුළුවන්. හැබය් යුද්දය වෙනුවට ත්‍රස්තවාදයට දෙන පිළියම මොකක්ද කියල කිසිම කෙනෙක් කියන්නේ නෑ.ත්‍රස්තවාදීන් සමගේ සාකච්චා කරපු හැම මොහොතකම ත්‍රස්තවාදය ශක්තිමත් උනා.

    ReplyDelete
  3. ත්‍රස්තවාදයට යුද්දයෙන් පිළිතුරු දියයුතුය් කියල මම විශ්වාස කරන්නේ එනිසය්.යුද්දෙදි දෙපැත්තේම අහිංසක මිනිස්සු මරුන බව ඇත්ත .එක හොඳ දෙයක් නෙවෙය්.හැබය් මතක තිය ගන්න අමාරු දෙයක් ලබා ගන්න කැපකිරීම කරන්න ඕනනේ කියල.උඹට තේරෙන විදියට කිඋවොත් කකුලක තුවාලයක් ඔඩුදුවන මට්ටමට අවම ඇඟ බේරගන්න ඔන්න නිසා කකුල කපන්න වෙනෙවා වගේ වැඩක්.
    මේ යුද්දේදී දහස් ගානක් මැරිලා හරි, මෙහෙම evara කරේ නැතිනම් ත්‍රස්තවාදයට ගොදුරුවෙලා අනාගත පරම්පරා ගණක මිනිසුන් ලක්ෂ ගණනක් මැරෙන්න තිබුණා.

    බුදුහාමුදුරුවෝ ඇරෙන්න මට කිසිම කෙනෙක් පරමාදර්ශී නෑ ...අඩුම ගැනේ මගේ දෙමාපියන් වත් ..ඒවගේම තමයි කිසිම දේශපලනක්යෙක් පරමාදර්ශි නෑ.හැමෝම කෘතක් ජනයෝ.මහින්ද විතරය් අඩුම ගැනේ රගපාන්න හරි army එකට පුතාව දැම්මේ. අපි කෙනෙක් හොඳද narakada කියල කියන්නේ සංසන්දනය කරලා .අපිට 100% හොඳ කෙනෙක් තෝරන්න නැතිනම් අපි තෝරන්න ඔන්න වැරදි අඩුම කෙනා.(best from worst )
    උඹ කියපු එක කරුණකට මම 100% එකඟයි .උඹ හරි, නිල ඇදුන ඇඳට උන්ගේත් ගැහෙන්නේ අපේ වගේම හදවත්, මිනිහෙක් ට ලෝකය දකින්න ඇස් දෙවක තියෙන්න ඕනනේ නෑ හදවත තිබුනම ඇති .නෑ බන් අපිට වැඩ උන් සෙර්ස්ටය්, උඹවත් මමවත් mllion ගණනක් පඩිය දෙන්නම් කිඋවත් ,ළඟ ඉන්න සහෝදර සෙබළු එකා පිට එකා වැටෙද්දී නිදාගන්න වත් නැතුව සති ගනම් වතුරේ බැහැගෙන මැරි මැරි යුද්ද කරන්නේ නෑ.
    හමුදාවට බහුතරයක් බැදෙන්න දුප්පත් කමට සල්ලි හොයන්නම නෙවෙය් .සල්ලි හොයන්න නම් ita වැඩිය ලේසි ක්‍රම ඕනෑ තරන් තියනවා. සුද්දෙක් එක්ක බුදිය ගත්තනම්,හොරට කසිප්පු ටික්කක් පෙරුවනම් ,නැතිනම් වැදගත් විදියට threewheel එකෙන් කුඩු බෙදාරියනම් ඕන තරම සල්ලි හොයන්න පුළුවන්.එචර oneth නෑ මොකක් වත් නොකර ගෙදරට වෙලා කාලකන්නි ක් වගේ හිටියත් වයසක අම්මය් තත්තය් අපිට උඹ බරක් කියල කියන්නේ නෑ
    උන් බහුතරයක් අර්ම්ය් එකට යන්නේ උඹටත් මටත් නැති ,උඹටත් මටත් නොදැනෙන අතම ශක්තියක් තියන නිසා.

    ReplyDelete
  4. තව දෙයක් මට කියන්න තියනවා ,යුද්දය මේ gataluvata සම්පුර්ණ පිළියම නොවෙන වග.යුද්දයෙන් බිඳ වැටුණු හිත නැවත නාග හිටවන්න නම් මිනිස්සුන්ට සංවර්දනය ලබාදෙන්න ඕනනේ.එක දෙමල මිනිහෙකුටවත් බලය ඕනනේ නෑ ..ඕනේ සංවර්දනය විතරයි .බලය ඕනනේ කියල කෑගහන්නේ යුද්දය වියාපාරය කරගත් දේශපාලුවෝ ටිකක් සහ NGO ටිකක් විතරය්. NGO කියන්නේ උඹ හැම දම දැකිය තුවාල වල ඉන්න පනුවෝ වගේ .තුවාලේ හොඳ උනොත් පනුවොන්නට ඉන්න බෑ වගේ තමයි යුද්දේ නැතුව NGO වලට ඉන්නත් බෑ. එනිසා දැන් උන්ට ඔන්න නැවත යුද්දයක් ඇතිකරන්න.

    දෙමල මිනිස්සුන්ට සංවර්දනය ලබාදීලා,LTTE එක shinhala ජාතිය ගැන කියල තිබුනු බොරු තෙරුන් යන්නත් එක්ක සිංහල දෙමල යට මුසුවෙන්න එදා දීපු දාට ප්‍රබාකරන් වලෙන් නැගිටලා ඇවිත් සිංහලයට වෙදිතියපන් කිඋවත් වෙඩි තියන්නේ නෑ.
    මේ හැමදෙයකටම කල් ඔන්න.මේක අඋරුදු 30kක් උඩුදුවපු යුද්දයක් .අලුත් පරම්පරාව දැක්කේ යුද්දේ අඳුරු සෙවනලින්ම විතරය්. ඒ හිත් සුවපත් වෙන්න තව කල් යනවා.කොන්ච්රීට් එකක් වෙලෙන්නත් දින 21 ද කොහේ යනවලු.
    නෑ එට සරලව කිඋවොතින් .හැඟීමක් දැනීමක් නැති කොන්ච්රීට් පොළවක බල්ලෙක් ලැගලා ඉඳල ගියත් එකේ රස්ස්නේ ටික වෙලාවක් තියනවා,එහෙම වෙද්දී හැගීම් දැනීම් තියන හදවත් වල අඋරුදු 30 තිස්සේ ගොඩනැගුනු වය්රා සිතුවිලි සුවපත් වෙන්න කොච්චර කල් යාවිද.
    කටක් තියන ඔන්න කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්.එත් වැඩ කරන එක කෑ ගහන එක තරඟ ලේසි නෑ.වැඩ කරන මිනිහගේ අතේ තමය මඩ ගඇ වෙන්නේ වෙන්නේ,
    මට හොඳට මතකය් මම පොඩි කලේ MY country ගැන රචනයක් ලියද්දි හිතුව .යුද්දයක් නැති රටක් ගැන මට කවදාවත් ලියන්න බැරිවේවි කියල.
    එත් දැන් එහෙම නෑ.කරන්න බෑ කියල ලෝකෙම කියද්දී යුද්දේ ivarakarapu ලංකාවට සංවර්දනය වෙන්නත් පුළුවන් කියල මගේ ලොකු බල පොරොත්තුවක් තියනවා.
    මම මහින්ද වාදියෙක් නම් නෙවෙය්.හැබය් යුද්දය් සම්බන්දයෙන් 100% මම ඔහුත් එක්ක ඉන්නවා .
    හැම දෙයකම හොඳ නරක දෙපැත්තම තියනවා.
    උඹ ලියල ශය්ලියට මම ගොඩක් අසය් .දිගතම ලියපන්.මම අසය් කියවන්න .අද නම් දැක්කේ අහම්බෙන් .අනිත් ඒවත් බලන්නම් .මගෙන් සුබ පැතුම්
    උදාර ගුරුගේ

    ReplyDelete
  5. මචන් උදාර හරිම සන්තෝසයි අදහස් දකින්න හම්බුන එකට.මෙහෙම කියන්නම්.අනිත් අය කොහොමද දන් නෑ.පුන්චි කාලෙ මම කොයි වෙලේ හරි සක්කරය ඇවිත් මට වර 3ක් දුන්නොත් ඉල්ලන්න කියල හිතන් හිටියෙ මෙහෙම.
    1.මට ලෝකෙම තියෙන මුද්දර ටික දෙන්න.
    2.ලංකාව තව ටිකක් ලොකු කරල දෙන්න
    3.ප්‍රභාකරන් මරල දෙන්න
    යුද්දෙත් එක්ක ඉපදුන අපෙන් එකෙක් උන මට යුද්ද උනක් තිබ්බ කිව්වොත් හරි.මහින්ද හමුදාව ලව්ව කරවපු දේ මගෙ හීනයක් කිව්වොත් හරි.එදා නෝවේ එම්බසියට ගල් ගහන්න මගෙ අතෙත් ගලක් තිබ්බ මචන්.සමහරු අකමැති උනත් දේශපාලකයො ඇද ඇද හිටියට,ප්‍රැක්ටිකලි උත්තරෙ ඒ ඕක විය යුතුමය් කියල මමත් හිතනව.පුද්ගලිකව දැන් රට ගමන් කරන අත හොදය් කියල මම හිතන් නැ.එහෙම කියන මම මහින්දට චන්දෙත් දීපු එකෙක්.ඒත් මම මහින්ද අනුගාමිකයෙක් නෙවෙය්.ඒ වෙලාවෙ කල යුතුව තිබ්බ දේ හමුදාවක් විදියට කරා උපරිමෙන්ම.මගෙ දේශපාලනයෙ ඉස්තිර පක්ෂ නෑ.රටපාලනය අපි පස්සෙ කතා කරමු.

    හමුදාවෙ කොයි පැත්තෙ උනත් දෙගොල්ලම තමන් හරිය් කියල හිතපු දේ වෙනුවෙන් පන දුන්න.උබ කිව්ව වගෙ ලෝකෙට රටේ හමුදාව පාච්චල් කරපු නිර්මාන තාමත් ඕන තරම් තියෙනවනෙ බන්.වෙඩි කකා ඉස්සරහට ගියෙත් අපි වගෙම මිනිස්සු.ඒ මිනිස්සුන්ටත් අපිට වගේම ගෑනු දරුවො හිටිය.දකුනෙ වගේම උතුරෙත් තාත්ත නැති පොඩි උන් ඕනෙ තරම්.මන්ද යුද්දය සහ හමුදාව කියන මාතෘකා මට හරියට වදිනව.පස්සෙ වෙලාවක එහෙම ලියවිච්ච ටිකකුත් මම දාන්නම්.උඹයි මාය් එකම මතේක ඉන්න බව දැනෙනව.හමුදාවට බැඳෙන එකේදි මම දැකල තියෙනව පොඩි කාලෙ ඉඳන්ම රටට තියෙන ආදරෙ හින්දත් අවස්තාවෝචිතව රට ගැන කැක්කුම තියෙන උන් ඕන තරම් හමුදාවට බැඳුන.ඒ උනාට යුද්දෙට ගිය බහුතරය ඈත ගම්වල කොල්ලො.උන්ටත් එක්සෑම් ගොඩ දාල කැම්පස් යන්න හරි වෙන ජොබක් හරි සෙට් උනානම් හමුදාවට යන්න තිබ්බ නැඹුරුව අඩුය් කියල හිතෙනව.මේජර්ල බහුතරය ටවුන් වල.වෙඩි කාපු කොල්ලො ගම්වල.ඒකය් මචන් මට දැනෙන්නෙ.කිව්වත් වගේ මධ්යම ප්‍රතිපදාවෙ ගිහින් කොටින්ට අනුකම්පා කරන දේශ සීමාවක් නැති දේශෙකුත් නැති පෑනක් මට නෑ.මැදුම් පිලිවෙතේම ඇලිල ඉන්න අපි ලෝකෝත්තර නෑනෙ.ඒත් තවත් මනුස්සයෙක්ට රිදෙනකොට සතෙකුට උනත් හින්සා කරනකොට ඒකට කතා නොකර ඉන්න තරම් අමනුස්සකමකුත් මට නෑ.ඇත්තටම සතුටුයි උඹ අවංකව අදහස් දුන්නට.තෑන්ක්ස් මචන්

    ReplyDelete
  6. උඹ කියන එකෙත් අත්තක් තියනවා .ගමේ කොල්ලන්ට දුප්පත් කම හමුදාවට බැඳෙන්න ඒක හේතුවක් වුන වග .හැබය් උන් ගාව තිබුනේ දුපත් කමම විතරක් නෙවෙයි.
    මොකක් උනත් ගම නගරය ,දුප්පත් පොහොසත් කියල පන්ති බේදය මම අගය කරන්නේ නැ. හැම සල්ලි කාරයෙක්ම දියුණු උනේ බොහොම දුක් මහණනි වෙලා .අද බත්පත නොකා හෙට වෙනුවෙන් ආයෝජනය කරලා ,ඉගෙන ගත්ත හැම එකෙක්ම සාර්ථක උනේ අද fun ගන්නේ නැතුව හෙට වෙනුවෙන් මහන්සි වෙලා.මම පිළිගන්න දෙයක් තමා කට්ට කාපු මිනිහ කවද හරි මදෙත් කනවා කියල .ගමේ කියල වත් නගර කියල වත් major post දෙන්නේ නැ බන් .කට්ට කල igenaගෙන තිබුනේ නැත්තම්.
    මොකක් උනත් සිංහල වේවා දෙමල වේවා දහස් ගණනක් මැරිලා හරි අනාගතයට නොදී යුද්දය ඉවර උන්න එකට සතුටුයි.ඒ වගේම සිංහල වේවා දෙමල වේවා මියගියේ ඔක්කොම මිනිස්සු ,ඒ ගැන නම් සතුටු වෙන්න කොහොමටවත් බෑ.
    මට තේරෙනවා උමබ කියන්න හදන්නේ මොකක් ද කියල .අපට ත්‍රස්තවාදීන් උනත මරුන දෙමල සටන් කාමීන් ඒ අයගේ දරුවන්ට තාත්තල. ළමයෙක්ට තියා සතෙකුට වත් අම්මාකෙනෙක් නැතිනම් නැතිනම් තාත්තකෙනෙක් නැතිවීමක් ලෙස දකින කොට කවදක්වත්ම සතුටුවෙන්න බෑ.
    හැබැයි ඒ දුක අනාගත දරු පරපුරට උරුම නොවීම සතුටක්.
    අවනේදී කතිකාවත් කෙසේඋනත් බොහෝ කරුණු සම්බන්දයෙන් මම උඹත් එක්ක එකට හිට ගන්න බව කියන්න කැමති. හෝම යන් ඔහොම යන් ..
    උදාර guruge

    ReplyDelete
  7. යුද්ධය ගැන මම කතා කරන්නෙ නැහැ.
    නමුත් තුවාල ලබා රෝහලට ආ අය දැක්කම අකුගෙ මතයෙම තමයි මමත් ඉන්නෙ. සාමාන්‍ය සෙබළු අති මහත් බහුතරය ඈත ගම්වල. ඉදිරියෙන් ඉන්නෙ ඔවුන් නිසා වැඩිපුරම ආබාධිත වෙන්නෙ, මිය යන්නෙත් ඔවුන්. ඉහළට ඉගෙනීමට අවස්ථාව ලද නිසා හෝ වෙනත් හේතුවක් නිසා නගරයෙන් ගිය බොහොම දෙනෙක් නිලධාරීන්. අර තරම් ආබාධිත වූවන් නිලධාරින් අතර අඩුයි.
    ගමෙන් හමුදාවට යන්නෙ මුදල් නිසාම නොවෙයි වෙන්නට පුළුවන්. නමුත් ස්ථිර ආදායම අනිවාර්ය සාධකයක්. සමාජමය වගකීම ගැන සමහරවිට ගමේ තරුණයන් නගරයේ අයට වඩා හිතනවා වෙන්නට පුළුවන්. නමුත් අවස්ථාවන්හි හිඟකම ඉතාම වැදගත් සාධකයක් වුණා කියලා මට හිතෙනවා. නගරයේ දුප්පත් තරුණයින් සිටියාට ඔවුන්ට වෙනත් රැකියා අවස්ථාවන් තියෙනවා- ගැමි තරුණයින්ට වඩා. හමුදා සෙබළුන් සමග කතා කරනකොට ඒක තව පැහැදිලි වෙනවා.

    අකූ කියන සිද්ධිය ගැන: අහන්න දෙයක් නෑ, මේ සිද්ධිය තව හුඟක් කල් හිත තුළ හොල්මන් කරයි. ඔවුන්ගෙ යොවුන් විය ඔවුන් කැප කළේ කුමකටද? යුද්ධය ඉවර වුණු එකේ වාසිය ඔවුන් වැනි පවුල්වලටත් තියෙනවා තමයි. නමුත් එහි නියම ප්‍රතිලාභය විඳින්නේ කවුද? ඔවුන් අයත් සමාජ ස්ථරයනම් නෙවෙයි.

    මට මතක් වෙනවා හමුදා රෝහලේදි දුටු සිද්ධි දෙකක්. එක් කකුලක් නැතුව සිටීම බොහොම සාමාන්‍ය දෙයක් එතන. කකුල් දෙකම නැති එකත් ඒ තරම්ම නැතත් ටිකක් දකින්න ලැබුණා. ඔය අතර සිටියා යන්තම් අවුරුදු 20ක තරුණයෙක්. තලාතුඔය කුමාර. සුදු, කඩවසම්, අහිංසක පාට දරුවෙක්. ඔහුගෙ අත් දෙකම හා පාදයක් නැහැ. තුවාල නිසා ඔහු නැවත නැවත ශල්‍යකර්මවලට ලක් වුණා. ඔහු කිව්වා, "මගෙනම් නැත්තෙ අත් දෙකයි කකුලයි විතරනෙ. පව්, සමහර අයගෙ ඇස් පේන්නෙ නෑ. මට හරියට දුක හිතෙනවා ඒ අය ගැන." කියලා. කීප වරක්ම ඔහු කිව්වා නිකම් කොස්මටික් අතක් වෙනුවට යම් මට්ටමකට වැඩ කළ හැකි කෘතිම අතක් ලැබෙනවානම් ඔහුට හුඟාක් වැඩ කළ හැකි බව.
    ශල්‍යකර්ම සඳහා ගෙන ආ රෝගීන් ඇතැම් විටෙක රෝගීන් බලන වෙලාවෙත් ශල්‍යාගාරයේ. එහෙම දිනෙක මම දැක්කෙ මේ දෙවන සිද්ධිය. සිහින්දෑරි, දුක්මුසු පෙණුමක් තිබුණු තරුණ කාන්තාවක් අවුරුදු එකහමාරක විතර දරුවෙක් වඩාගෙන ඇවිත් හිටියා. ඇය සමග කතා කර කර හිටියෙ අත් දෙකම නැති තරුණයෙක්.

    ඔය දේවල් දැක්කෙ යුද්ධය කාලෙදි. යුද්ධෙ ඉවර වුණා කියලා නැති වුණු අතපය ආපහු වැවෙන්නෙ නෑ.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...