Sunday, July 6, 2014

උන්ට නං දුප් බල්ලා



වහංවීයන්
සැහැසි කබරාගෙන්
වගුර පැත්තට
නොයා ඉන්නට හිත හදාගං

එයාගේ
දහ අවුරුද්දෙ දානේ
වඩම්මල දීගන්න හැකි නං
ඒත් කෝ කවුරුත්
උඹයි මමමයි විතරමනෙ දැන්

රැලේ හෙම නොගිහින්
ගෙයි ගෙවලයෙක් වාගේ
ඔහොම ඉන්නේ කොහොමද
බැඳල තිබ්බත් මේස කකුලට


" අමාරුයි දැන් මගේ වයසට "
කෙඳිරිලි බිරිල්ලෙන් කීවද
අපිම අපිටම කියාගනු හැර
ඔව්නෙ අවුරුදු දහතුනක් නෙව

නපුරු වේවිද කරුමය
යටවෙලා අපි ගිල දමන්නට
ඉණක් උසටම ලං වෙන
කැළෑ තණ ගොල්ලෙන්

නොපිළිසින්දද මා ගැබ
පෙකනිවැලකින් යා වෙලා වද
වඳියකව අම්මා කෙනෙකු කල
උඹ.....

1 comment:

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...