කල්පෙටත් දෙදොහකට පස්සේ
ඈව හම්බුනෙ
මගුලට බුලත් දෙන්න ගිය දවසේ
ඒ දවස්වල පැනල යද්දී
ඈට තිබ්බා
ස්ටිකර් මිටි දෙක තුනක්
උඹට වැඩියෙන් හොයල ඇති මම
ඒත්
හම්බුනේ නැහැ තවත්
සනුහරේ ගෑවුනු දැලී
ඇගෙ අතේ නම් ගෑවී නැතී
ලිපට නම් ඉනු කඳුලැලී
දැලි වී නොවී පිටවෙන්නැතී
එකුන් තිස් වූ වයසට
විඳපු විඳවපු හැටියට
ජීවිතේ නම් කවි ලියා ගොස්
අගමුලක් නැති එළිවැටක් නැති
ඇගේ ඇඟ සම හරහට
එනසල් ගාල් කන්දේ
ඉස්සර
උඩහට දුව දුවා
වසාවාසී ඇහිලුවාහේ
වීරිය වරින් වර
උපදවාගත්තාද අක්කේ
හැමදාම එකවගේ තඹ පාට බළල් ඇස් අග
ඉස්සරට වඩා අවපාට ඇහි පිල්ලමක් උඩ
නෑහෙන්න ඉකිගහන කඳුලු කැටයක උව
පුංචි ආඩම්බරයකුත් නැතුවමත් නොව
පඩිපෙලක පිළිවෙලට
වගෙයි ලී බෝනික්කියෝ තුන්දෙන
මැද නුඹත් උනි ඔහේ සතුටින
සත පහේ දූපතක විලසින
" පවුලෙ පලවෙනි මංගල්ලෙනේ "
කියා උඹ ගිලගත්ත හීනේ
හැඟුම් නිර්නාමිකව උතුරන
හදවතට ඇබයක් වෙලා වද
පරපුරේ දස මාර රඟ මැද
වීරියේ මල් පෙති ඉහින්නට
දරු තුන් දෙනත් අරගෙන
එනව නේ මගෙ පෝරු නැකතට
No comments:
Post a Comment
නොතිත් සිතඹර අරා...