Wednesday, July 16, 2014

පීලි පැනීම




රේල් පීලි තැලෙයි තැලෙයි
ඉර එළියට දිසෙයි දිසෙයි
හෙමිහිට ඉදිමෙයි ඇකිලෙයි
ඒත් පේළියටම හිඳියි

ඇණ ටිකකුත් නැතුව නොවෙයි
ආහ් සිල්පරනුත් ඇතිමයි
ඒත් උවමනාව නැතුව 
ඔය විදිහට ඉනු බැරිමයි

ඉඳහිටලා දවසක එන
එක බේබදු කෝච්චියක්
වෙරිමතේම පෙරලුනාම
" ආං පීලි පැන්න" කියයි 






3 comments:

  1. කෝච්චිය පීලි පැන්නා කියනවා මිසක්කා පීල්ල පීලි පැන්නා කියනවයෑ බං?

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් අපි එහෙම කීවොත් මොකද වෙන්නේ?

      Delete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...