උතුරුදිග ලුණු දිය තලාවේ
ඉහළට මදක්
ඇස් උස්සා බලන
දූවකි හෙමින
කවුරු හෝ එන
පිළිගත යුතුය අදිටනින
වෙලී එකිනෙක
වැලිත් බිම්තඹුරුත්
ඉඩ ලද විටක ලතවන
අතරතුර ඉරු තාප උරමින
එකලාව
අයාගත් දෑසින
තුන්සිය හැටපස් දවස
ගව්වේ දුරින් හිඳගෙන
මින් සොයා පින් පුරන
රංචුවට ට්‍රෝලර
ලං වීම තුන් හිතකවත් වෙද
මුර සංචාරය කරන බෝට්ටුව නම්
ඉඳහිට එන
බලා අතගා
හිඳීදැයි සැක හැර
අඩි කීපයක් වැල්ලේ ඔබා යන
වසරකින් පායන
දෙදිනක් කෙරේ පෙම් බැඳ
උන් තබා යන අඩි
ලයේ සඟවාගෙන
වැලි පිරෙන්නට නොදී
තවත් වසකුත් රකින
තනිකම මෙයය නොම දැන
ලතවෙන
නොපෙනෙන ඉමක
උන්
ඈ අයිති කරගන්න
නඩු කියන
ඈ දැකගන්න
නම් නොම එන
බඳ පුරා ඔරු
දරුවන්ට නිරතුරු
මසු පුරා පාරමී දම් පිරු
සුරුවමයි ඔහු
දූපතක් වුව
ගැහැනියක් බව
ගණනකට නොම ගෙන
අල්තාරයට පිටදී
අන්තෝනි මුනිඳුද
ඔහේ මහ බර කල්පනාවක
අපේ බ්ලොග් දර්ශකයට ඔබේ බ්ලොග් එකත් ඇතුල්කරන්න අපට ලින්ක් එක එවන්න. බ්ලොග් දර්ශකය වෙත පිවිසුම.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/