ලැටිස් හිල් අතරින්
බේරෙන එලිය බිඳකින්
තෙත මුඩු පොලව මත
ගොම්මන වෙනකම්ම
දුවන ඉර ලප දැකල ඇති මට
බරාඳය එතැනම
මාත් හැම දා මෙතනම
සිලිබිලි හිනා හඬ
මාලි කිරි දෙන විටදි නවතින
මොලකැටි අත් දෙපා
නොදැන මෙය මතු තම උරුම වග
කුස්සි දොර පලුවෙන්
එබී ලැජ්ජා හිනා පූදින
දැන් ඩග්ලස් ගොහින්
හෙටට අවුරුදු දෙකත් පිරුනම
වාසගම මුදලිඳු
ඉතුරු කරගිය පුතෙක් නැතුවම
ඉඳහිටත් දවසක
තුවාලේකට සැරහුමක් මිස
කොන්ඩිස් කුප්පියත්
හිඳිල පතුලට මගේ හිත මෙන
ඉතින් ගම උන්හට
කුමන පල වෙද
නාකි දොස්තර හාමු තව මම
කැම්පස් මල් පාර
ඉඹපු කුලුඳුල් ආදර
හරහට හිටපු වංසෙට
හිත දුවන ගානෙම
වයිර බැඳලම තරහ නෑ මට
ජිවිතේ හැටි වෙන්ටැ
අප්පච්චි මේ මග පව වෙන්ටැ
සනුහරේ කබල් ගාගෙන
ඉන්න පූරුවෙ නියමෙ වෙන්නැති
පොටෝ එක ඉද්දර
ඉන්නෙ දැන් මම විතරයි
නගා ආවට ඉඳහිට
ලංකාව මදි දැන් ඒකිට
ආඩම්බරෙන් නුඹ හිටි
තුත්තිරි ගාල් මිදුලම
උදලු ගෑ නෙල්සන්
තමා පෙලපත් මන්දිරේ ඉඳ
නම ගෙනියන්නෙ මුණුබුරු
"අනේ මාලියෝ
නෙල්සනුත් එක්කා
පන්සල් ගොහිල්ලා
දානෙ බඩු ටික ගෙනෙන් රෑවෙයි,
පොඩි එකා හිටියාවේ...."
උන් අඩි ගියාවේ
සොල්දරේ කලවැද්දො ඔහෙ උන්නාවේ