Friday, January 31, 2014

ආවේ කොහි සිට



කඳුලු සමහරවිට
එකම උල්පතකින් නූපදී
සංකීර්ණ ලෙජරයක
අවසන ශේෂයව
නෙත් අගින් වෑස්සේමය
ඉතින් සබඳ
එසයුරත ලුණුරස දියත්තෙන්
විමසීම වටනේද
නුඹ උපන්නේ
වළා වන වදුලකද
පල්දෝරු නලයකද





Tuesday, January 21, 2014



රැස් බාගත් ඉර තනියම
සොහොන් කොතක පෙඳ සූරත
අබැට මිටක් අඳුරට පෙර
නොසොයා හිඳ ගිමන් හරිත

Related Posts Plugin for WordPress, Blogger...