Monday, January 23, 2023

 





වෙඩි ගැට සහස

වසා ලියලයි ඇඟ මස

රිදුම් දහසත් එක් රිදුමකියි

සිතා සැනසෙයි මසැස



එසැවුනු සොඬඳ

පොවන ගංදිය ගැඹුරක

එකලාව ඇදුම

භාවනාවකි සුමිතුර



අකුරු නොකරම පැසවූ

නලෙක මුසුකල පවස

හුදෙකලා වෑ පිටි තලාවක

මුදා හැරියෙමි හවස




ඉපැරණිම පෙම් කවි

පාවී අවුත් කඳු මුදුන්වල ඇනි ඇනි

නොලදත් ලදත් මහවැහි

පෙම් නොකරතියි කාට කිව හැකි...!!!

Related Posts Plugin for WordPress, Blogger...