Wednesday, June 29, 2011

ඇති තාත්තේ


මදුරන්කුලියට
එන්න පුලුවන්ද
මම මුතු කුමාරියෙ
උඹව බලන්න එන දාට..

උඹ කියන්නහේ
"විස්ස විජ්ජාලෙට"
මම තේරුනු දවසෙ
ඇස් දෙකෙන් වැක්කෙරුනු
තාත්තකම අරන්..

මෝදර පුංචිලට
උඹව මගෙන් වෙන්කරන්න ඉඩදුන්නු
කොටහලුවට වෛරයි මං
දාල ගිය අම්මට වඩා...

හොස්ටල් එකට
එහෙමත් දාක ඇවිත්
බිම බලාන ඉඳල
දාහෙ කොලයක දෙකක
ගුලිකරල යන
උඹෙ අසරණකම
විසි කරපන් තාත්තෙ පොල්වලකට..

මැද්ද මල් සාක්කියි
දෙය්යො උඩ සාක්කියි
අපෙ කඳුලු තෙලිජ්ජට..

බාල සංදියෙ වගේ
ටීච දෝණිට සෙල්ලම් බයි උයන්න
මදුරන්කුලියට
එන්න පුලුවන්ද
මම මුතු කුමාරියෙ
උඹව බලන්න එන දාට..

Sunday, June 26, 2011

මෛථුන පියාසැරියට කලින්...


අද ඉර බහිද්දි
මං නොපවතීවි..
නුඹ මට වඩා
කලක් ඉඳීවි..
ඒත් නුඹත් දවසක
එක ඉරක් එක්ක
බැහැල යාවි..
මේ ජීවන දහරෙ
අසුරක මොහොතක
හී තුඩ පමණ නේද
අපි..
තරංගය අනවරතයි
නොනැවතීම ඇදේවි..
නුඹේවත් මගේවත් නමට නෙවෙයි
වරිගෝන්නතියට සවුදිය පුර පුර..
ඊලඟ තත්පරේ මරණයත්
ඉරිසියාවෙ පැලේවි
මගෙ
විභව තණ්හාවෙ තරමට..
ඔය මදෑ සොඳුරිය 'අට' ගැහුව
'ට්‍රයල්' දෙන වෙලාවත් ඇවිත්..
ගිලෙමු අපි
අපෙ සසඟෙ
නිරාමිස රුතියෙන්
මේ
අනියත අහස් ඕවිල්ලේ...

Friday, June 24, 2011

නිරුත්තර


අම්මේ.....
ඇස් ඇරල උත්තර දීපංකෝ

ලොකු උනාට
අපි නෙවේ නේද
කැලේ දිගම සත්තු....? 

Thursday, June 23, 2011

රිටි පන්නේ


මාලුනේ....
අනේ පින්සිද්ද වෙයි
පිලිගනින් මේ ඇම
සුද්දිගෙ
මේ පොටෝ එකට විතරක්
පොඩි එකීගෙ
ටියුසන් පීස් ගැන හිතලවත්...
                                

Wednesday, June 22, 2011

ගුරුත්වාශ්චර්යය


ඕං ආයිබෝං
මේක අපේ
විල මැද බංගලාවෙ ඇත්තොන්ගෙ
කනේ එහෙම
තියනව නෙවෙයි...
නැත්තං
උන්නාන්සෙල
ශුෂ්ක කලාපෙ අපරාදෙ කියල
ඔටුවො ගෙන්නෙව්ව වගේ
හඳට යන්න
අටල්ලක්වත් හදන්න හිතුවොත්..
හත් ඉලව්වෙ
මොන දෙයියන්ට කියන්ටද
                       

Tuesday, June 21, 2011

පවුකාරියට ගල් ගැසීම


එයා
මැරෙනකංම
ආදරය කරානෙ
මම...
දර සෑයට
පනින්නද ඕනෙ
බලන් ඉන්න උඹලට චපල නොවී..

ඉතින්
අහුලගනිල්ල ගල්
උපන්දා ඉඳන්
චපල නූනු අත්වලින්,
ගහල මරපල්ල
මේ පවුකාරිව...

Monday, June 20, 2011

පුවතක්





සරසවි වරම් නොලැබූ
සියලු සිසුන්ට
අනුගාමික පුහුණුව
අනිවාර්ය කෙරේ.....






             

Saturday, June 18, 2011

කකුලු මාර්තා


උන්නේ තනියම
ඇල්ලුවෙ කකුලුවො
ඔරුවෙ තමා ගෙනාවෙ..

ඇදේට ඇවිදින
හින්දා දඩයම
දානව ඈ රබර් පටි..

ඉරිදට පල්ලියෙ
වැරදුන් නෑමයි
උදේට මාර්කට් එකේ..

මිනිහත් ගියාලු
දූ මැරුනෙ ගිලිලලු
නෑ හරි විස්තර මුකුත්...

කබරයො කොනහල
පුපුරන්න ඉදිමිල
තිබුනලු කඩොල් ලානේ...

එලාපු දැල් ටික
ගොඩ කල් තිබ්බා
පේන්න දැන් නෑ වගේ...

තොටුපල වැල්ලේ
ඇදේට ඇගෙ අඩි
නොතිබ්බ ගානයි අනේ...



    

Friday, June 17, 2011

විරහ කල්පිතය

තියරිටිකලි සදාතනික
සත්‍ය ප්‍රේමයේ විරහව
ප්‍රැක්ටිකලි අල්ලල හිටියෙ
මාසයයි නෙව මට....

අඬපු කඳුලු ගානෙ
ලැජ්ජ හිතුන මිස
ගිය හකුරට නාඬා
තව කිතුලක් නොමැද්දට....





Thursday, June 16, 2011

පොරොන්දු වෙයන්



අහස
උඹට පුලුවන්ද
හැමදාම ඉන්න
ඔන්න ඔය වගේ
වහින්න ඔන්න මෙන්න වගේ
ඒත් නොවැහැ....

මගේ හිතත්
මමම රවට්ටගෙන
ඉන්න පොරොන්දු වෙන්නම්...
වැස්සෙ නැතත්
උඹට නොබැන ඉන්නම්

අනේ ප්ලීස්
ඉර එබෙන්න කලින්
පොරොන්දු වෙයන්
නැත්තන්
උඹෙ හිත වෙනස් උනොත් එහෙම
හැමදාම වගේ
චුට්ටක් වැහැල
යන්න යාවි..

මහ ලොකු
අනෝරා වැහි නැති උනාට
අඩු ගානෙ
මගෙ තනියටවත් ඉඳපන්
ඔහොම්මම ඔරෝගෙන...




Monday, June 13, 2011

නුඹ




නේන දිනෙක.....
ඉර හඳ යට.....
තනි මකාවි.....
අපේ මතක.....








Sunday, June 12, 2011

No Parking



හිතේ ඉඩ නෑ කියල
                      පෙනි පෙනිත්
park කරල
                     යන්න යනව
අන්තිමේ
      දඩ ගෙවන්නත් ඕනෙ මම....







Saturday, June 11, 2011

මම කන්නන්

පොඩි බේබි බැටිංමයි
හැමදාම මං තමා
කාණුවේ රිංගුවේ
බෝලෙ යන යන සැරේ

ලැයිං කොන පිට්ටනියෙ
වත්තෙ සෙට් එක මැද්දෙ
හයේ ෂොට් සෙන්චරිස්
දාපු කන්නන් මමයි

කෝ ඉතින් පොඩි බේබි
ස්ටම්ප් තුන ගැලවුනත්
අවුට් එක දෙන් නෑනෙ



                                                         

Thursday, June 9, 2011

සන්තුස්සකෝච සුභරෝච



එක නමක් ගොකරැල්ලෙ
අනික් නම කැස්බෑවෙ
වෙලාවට මගෙ ගාව
පහලොවක්වත් තිබ්බෙ

තමුසෙලගෙ ඇබිච්චං
නෙස්ටමෝල් පැකට් එක
විකුණගෙන කන්නවත්
පුලුවන්ද හිතනවකො



Wednesday, June 8, 2011

එන්ජින් ඩ්‍රයිවර් සහ සැමියා


හෝන් පාරට
හුඟක් ගෑනු හැරුනට
මේකි නෙවෙයි හෙලවුනේවත්


වෙනදත් රන්ඩු උනාම
පනිනව කියනව
ඒත් අද? 


Tuesday, June 7, 2011

ඈ වළප







අම්මේ.....
උඹවත් කියාපන්කො
මේ අලුගෝසුවන්ට..
මම කිරි පොවන්න දන්නව කියල..
උඹයි අප්පයි කැලේ දර කඩද්දි
නංගිට කිරි පෙව්වෙ
මමයි කියල..











Sunday, June 5, 2011

කලාපෙට රෑ උනාවේ ...

නමට නිදහස් කලාපේ
ගෙස්ට් හවුස් කුටි ජනේලෙන්
රලට ඉහලින් නිවී දැල්වෙන
අහස් යන්තර කුරුල්ලෝ
 
නයිට් ෂිෆ්ට් එක යකාටයි
ආටා මල්ලිට දෙසීයයි
වලලු ගැහිලා කලින් ජංගිය
එබුනෙ දොර කොන එතීලයි

බාගදා ඉඳහිට උනත්
වජිරනාතට වැඳ වැටී
මේ බිත්ති මැද ගෑණියෙක් උනු
දාට හිත යනවා ඇතී

එදා හිට අද වනතුරා
ප්ලේන් බෑවා නැග ගියා
ගිමන් හල බිමකුලිය ගන්නා
එයා පෝට් එක මම උනා

හැලි බඩට මුගෙ මිරිකිලා
දාහ මදි හිත කියනවා
හතර පාරේ ගමට බස් එක
දැකල තාමත් ඇඬෙනවා

කල්වාරියේදී



හදවත් කුරුසියේ
ප්‍රේමය ඇණ ගැසූ
නුඹ වෙනුවෙන් 
මතු භවයෙක හෝ
උත්ථානය ලබමි මා

Saturday, June 4, 2011

සිහින රඟමඩලේ



ගිලී ගොම්මන නුහුරු නිම්නය අඳුරු සළු පිලි පොරවලා
නැගී පතුලෙන් එබී පඩි නැග සමනලුන් යති පියඹලා
උනයි මිහිදුම,තුරග සෙවනැලි අඳී පොලවේ රූ රටා
උනා හීතල වලේ ගැට්ටේ වකුටු වී ඉමි දුර බලා

ඈත කොන හිඳ ආල සිත්තම් අඳින යුවලකි හිතුමතේ
අඳුරු තිර පට මෑත් කර හිත එබෙයි උන් වෙත හිතුමතේ
අසුරු සැන සඳ,"පවුරු" පැනවිත් නේක අබරණ යුතු ගතේ
කුමරි මනමේ වලේ පතුලේ තනිව රඟ දී හිනැහෙතේ

පය එතුනු පෑ මිණි සලඹ නද මා සවන් ඇලලූ ලෙසේ
ඈ තබන අඩි එකක් ගානේ හිතේ ලූ පෙම දුල ලෙසේ
ලාලසා වැසි නෙරිය හැංගූ හවඩි පොට විසිවිය මෙසේ
මා දෙපා අස හඬ නගා නිසසල උනා ඇගේ වත ලෙසේ

ලවන් නොම තෙපලූ නමුත් එය ගෙන දියන් බස ඇස් කොනේ
හැඩ නැතද පෙම අගමිණයි කිරුලේ,දරා මනමේ මෙනේ
දෝත ගෙන හවඩිය රිදී ඈ පලඳවන්නට පිය මැනේ
ඈ නොවේ මා වෙත බලා තුති කැන් සිනා පිදුවේ අනේ

ඈ නුවන් වෙනතක තැවෙයි මෙන සෙවූ කිම ඔහු පමා
ඈ දෙපා මුල ගිලිහි සිත් මල නුවුමනා ලෙස හැර දමා
වැදි රජෙක් තව ආ නොආ බව නොපිලිවිස හඬ ගා මෙමා
තව නොඉඳ මා ගෙල සිඳින් මේ කඩු තුඩග සැපයකි අමා

මියෙනු පලමුව හීන නලුවෙන් අවදි විමි මොරගා මෙමා
මුමුණ මුමුනා යුවල පඩි නැග වලට සමුදී පා නගා
ඈ මැදුර පහනින් එකින් එක එලි නැගෙන සඳ රැය මකා
දිනක මතුයේ අඳුරු වල මැද මියෙන මනමේ විය මෙමා 






Wednesday, June 1, 2011

මෙරු







පියාඹන'යුරු

තටු තියෙන තුරු

මෙරු තමා මෙරු

වැළඳ සැන මරු

මෙරු තමා මරු




Related Posts Plugin for WordPress, Blogger...