Sunday, April 24, 2011

පාපොච්ඡාරණ

කරඞුපන හන්දියෙන්
නැගිනි ඈ...
මා උන් බසයට

අසුනතර සුඟය ඉඩ
ඈ පමණි උන්නේ පයින් වැර ගෙන

සීත සියොත් නල තටුලයි ඈ වට
කියුඹු ලතා සඳ නලලත දුලලන
වුවන දකින සඳ සඳ වුව විළියෙන
පබාවතකි ලා ලවනත පෑයෙන

දිසේ නයන කඳු සුලඟට නොසැලෙන
තිසරු ලැමේ වටකුරු කිටි කිටියෙන
උකුල් සයන හැම හිත නිදි කැඳවන
විලිකුන් පල බඳු ලය මද පමණට

ඈ......?
මව් සුරඹකි......??????

බිම සිපගති මා නෙත සෝ විළියෙන...
වරදේ හිත ගැලි දුක පසෙකට කර
උස්සාලීමි ඇස්

ඒම සොයා යන නෙත් වුව නොදකින
බව සත්තකි ....
ඈ දැරු දරු ගැබ

හිත අවසරවත් නොම ගත් පා දෙක
එසැවී අඬගැසි මා උන් අසුනට
බෑ මට කියන්න ඈ ගැබ දුටු වග

"මාවනැල්ලෙන් බහිනව අක්කේ.."

කියා දිවිමි පසුපස දොර අසලට
ඉඳගති ඈ..මා සිත තුට කර...

ගැටඹෙදි වඳිනට එසවුනු දෑතින
හැරී බැලූ දෑසට මා අසුවිය..
පුදුම මන්දස්මිතයකි ලා ලවනග..
තුති පිදුමක් එහි
තිබුනාදෝ සිහි නැත...

තුබූ තැනම හන්තානත් හිටියා
වලා පටින්
ඇස් මස්තක බැඳගෙන...

Friday, April 15, 2011

දේව්දාස්ගෙන් අරීසාට

ආදර මලකුණු පාවෙන
මැග්දලේනා ඉවුරෙ ඉඳන්
ජීවිතේම ලියුම් ලියපු
අරීසාට ලියන්නෙ මම

මේ ගඟිත්තෙ ඉවුරු කනතු
පාලු කරන් හමා ඇදුනු
ගෑනු පුයර සුවඳ ඉඹපු
අරීසාට ලියන්නෙ මම

දහස් සිරුරු දහස් සයන
නැත,එක පුරඟනක පහස
ලැබ නැවතුනු මට කියපන්
උඹද උතුම් මමද උතුම්

දාසා දෑසේ රුවාන
අඩ සීයක් වස් ගෙවාපු
භග්න සීල පාරමිතා
නුඹට එරෙහි උනේ නැතිද

මත් කඳුලක දිව උලාන
සැබෑ ආදරේ සොයාන
පාරෝ වෙනුවෙන් හිඳින්න
තිබුන නොවෙද මට කියන්න

ගඟ උඩහට පීනගන්න
බැහැ,මට මූදයි පේන්නෙ
උඹ මෙන් මරු දත් පාද්දි
උඩු ගං යටි ගං පදින්න

මියෙන්න හැකි නං මියෙන්න
හැබැයි ආදරේ නමින්ම
කියූ නුඹම නොමැරි ඉන්න
හේතු තිබුනදැයි කියන්න

ගැහැණිය ගැහැණිය උනාවෙ
ආලය ආලය උනාවෙ
මරණය මරණය උනාවෙ
නැහැ.......

කාලය මරණය උනාවෙ
මම ලහිරු.මේ මගේ බ්ලොග් එක.අනේ මන්ද මට මේ කොම්පියුටර් විජ්ජා ගැන නං ඒ හැටි තේරුමක් නෑ.පටන් අරන්ම බලන්න හිතුවා.එහෙනං මීට පස්සෙ පුලු පුලුවන් හැටියට මේකෙං හම්බෙමුකෝ.එතකං සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.
Related Posts Plugin for WordPress, Blogger...