කරඞුපන හන්දියෙන්
නැගිනි ඈ...
මා උන් බසයට
අසුනතර සුඟය ඉඩ
ඈ පමණි උන්නේ පයින් වැර ගෙන
සීත සියොත් නල තටුලයි ඈ වට
කියුඹු ලතා සඳ නලලත දුලලන
වුවන දකින සඳ සඳ වුව විළියෙන
පබාවතකි ලා ලවනත පෑයෙන
දිසේ නයන කඳු සුලඟට නොසැලෙන
තිසරු ලැමේ වටකුරු කිටි කිටියෙන
උකුල් සයන හැම හිත නිදි කැඳවන
විලිකුන් පල බඳු ලය මද පමණට
ඈ......?
මව් සුරඹකි......??????
බිම සිපගති මා නෙත සෝ විළියෙන...
වරදේ හිත ගැලි දුක පසෙකට කර
උස්සාලීමි ඇස්
ඒම සොයා යන නෙත් වුව නොදකින
බව සත්තකි ....
ඈ දැරු දරු ගැබ
හිත අවසරවත් නොම ගත් පා දෙක
එසැවී අඬගැසි මා උන් අසුනට
බෑ මට කියන්න ඈ ගැබ දුටු වග
"මාවනැල්ලෙන් බහිනව අක්කේ.."
කියා දිවිමි පසුපස දොර අසලට
ඉඳගති ඈ..මා සිත තුට කර...
ගැටඹෙදි වඳිනට එසවුනු දෑතින
හැරී බැලූ දෑසට මා අසුවිය..
පුදුම මන්දස්මිතයකි ලා ලවනග..
තුති පිදුමක් එහි
තිබුනාදෝ සිහි නැත...
තුබූ තැනම හන්තානත් හිටියා
වලා පටින්
ඇස් මස්තක බැඳගෙන...
විචිත්‍ර කතන්දරයක්. ඔබේ හැකියාව ඉහළයි. ජය!
ReplyDelete