Sunday, August 18, 2019






එහෙමමත් දවසක
කලාතුරකින් හවසක
අකුල් මං කටු හැර
බෙහෙත් වැල් මුල් හාරා
වලාකුලු ගිරි හිමේ පීරන
නාඳුනන්නියකට අහුවෙන ලෙස
වන ගුල්ම මැද
ගිලුණු දොරුවක
ගැඹුරු කදුරක
මා දෝමනස්සයන්
සඟවා තබමි

ඔවි
නුඹ ලිහිණි අක්කේ යැයි හඬතැලිය යුතු නැත
කවුරු හෝ පැමිණීමමත් ඇති
අහන්, ආ ගමනම ගියත් ඇති



Saturday, August 3, 2019




සියලු මාර්ග ඵල 
දිග්විජය කල පසු
ඒ ඉසිවරු
වැඩ උන් ගඳකුටිය
අමදිති

හැමදාම මෙන්
අතුනොගා ඉතිරි කල
රොඩු බොඩු සම්භවේ


දුහුවිලි පමණක්
හැඬූ කඳුලෙනි
හැමදාම
අතු ගෑවී යනසොවින්


Related Posts Plugin for WordPress, Blogger...