අද ඉර බහිද්දි
මං නොපවතීවි..
නුඹ මට වඩා
කලක් ඉඳීවි..
ඒත් නුඹත් දවසක
එක ඉරක් එක්ක
බැහැල යාවි..
මේ ජීවන දහරෙ
අසුරක මොහොතක
හී තුඩ පමණ නේද
අපි..
තරංගය අනවරතයි
නොනැවතීම ඇදේවි..
නුඹේවත් මගේවත් නමට නෙවෙයි
වරිගෝන්නතියට සවුදිය පුර පුර..
ඊලඟ තත්පරේ මරණයත්
ඉරිසියාවෙ පැලේවි
මගෙ
විභව තණ්හාවෙ තරමට..
ඔය මදෑ සොඳුරිය 'අට' ගැහුව
'ට්‍රයල්' දෙන වෙලාවත් ඇවිත්..
ගිලෙමු අපි
අපෙ සසඟෙ
නිරාමිස රුතියෙන්
මේ
අනියත අහස් ඕවිල්ලේ...
"නිරාමිස රුතියෙන්"; ආමිස නොවන සේ සිදුවන්නේ කෙලෙස එය?
ReplyDeleteඑක ඉරක් බැහැලා ගියාට තව ඉරක් ආයෙම පායනවා කියලා හිතන්න එපැයි.
ReplyDeleteඅද තමා මේ පැත්තේ කැරකුනේ....මරු.....
ReplyDelete"ඒත් නුඹත් දවසක
එක ඉරක් එක්ක
බැහැල යාවි.."
මං හරි ආසයි මේ ටිකට......
රමණීයයි...
ReplyDeleteවරිගෝන්නතියට සව්දිය පුර පුර
ReplyDeleteඉරක් එක්ක
යම් දවසක
අප බැහැලා යාවි...
බොහෝ මිනිස්සුන්ටත් පොදුයි.
රමණීය රචනයක්.
නිසංස අය්යේ,අද හවස මැරෙන්න වෙන බව දන්නවනම් මෛථූනය නිරාමිස ඇති කියල හිතුන.
ReplyDelete