මදුරන්කුලියට
එන්න පුලුවන්ද
මම මුතු කුමාරියෙ
උඹව බලන්න එන දාට..
උඹ කියන්නහේ
"විස්ස විජ්ජාලෙට"
මම තේරුනු දවසෙ
ඇස් දෙකෙන් වැක්කෙරුනු
තාත්තකම අරන්..
මෝදර පුංචිලට
උඹව මගෙන් වෙන්කරන්න ඉඩදුන්නු
කොටහලුවට වෛරයි මං
දාල ගිය අම්මට වඩා...
හොස්ටල් එකට
එහෙමත් දාක ඇවිත්
බිම බලාන ඉඳල
දාහෙ කොලයක දෙකක
ගුලිකරල යන
උඹෙ අසරණකම
විසි කරපන් තාත්තෙ පොල්වලකට..
මැද්ද මල් සාක්කියි
දෙය්යො උඩ සාක්කියි
අපෙ කඳුලු තෙලිජ්ජට..
බාල සංදියෙ වගේ
ටීච දෝණිට සෙල්ලම් බයි උයන්න
කඩොල් කුරුල්ලොත් අරගෙන
මදුරන්කුලියට
එන්න පුලුවන්ද
මම මුතු කුමාරියෙ
උඹව බලන්න එන දාට..
තාත්තා කෙනෙකුගේ සංවේදි ආදරයක්.. හරිම ලස්සනයි...
ReplyDeleteනියම අදහසක්! ලස්සනට වචන ගලපලා තියෙනවා
ReplyDeleteහරිම ලස්සන අදහසක්. ගොඩක් ලස්සනට පද ගලපලා තියෙනවා. මම දෙතුන් පාරක්ම කියෙව්වා.
ReplyDeleteඅත්දැකීමක්ද? නැත්තං පත්තරේක ගිය එකක්ද?
ReplyDeleteඑක වචනෙකින් කියනවනම් "සුපිරි"
ReplyDeleteහිතේ සංවේදීම තැනට වදින්න ලියලතියෙනවා
ReplyDeleteකාව්‍යෝචිත නැති කම නිසා නොවෙන්න හුගාක් තාත්තල මෙහෙම තමා කියල හිතුන.
ReplyDeleteතුති හැමෝගෙම ප්‍රතිචාරවලට :)
දෝණි දැන් ලොකු කෙනෙක් නිසා තාත්තා ආදරේ පෙන්නන්න කුලෑටි වෙලාද?
ReplyDeleteඅපූරු බස් වහරෙකින් ලියවුණු පදපෙළක්. ජය!
කඳුලු බිඳු හෙමිහිට මෝදුවුනේ ආත්මානුකම්පාවෙන්ද ලිපියේ හොඳකමටද කියලා තේරුම් ගන්න බැරිවුනා.
ReplyDeleteඔබ දක්ෂයෙකි