කඳුලු සිනහ පිරි කුරුලු සමය අග
අත්තටු සිඳලූ විහඟ කැළව අප
නොතිත් ලොවට පියඹා යන මොහොතක
මතක සිතිජ ඉම එකලු කරන්
එළි විදා ළහිරු කැන් යලිඳු එබෙනු ඇත
අම්මේ නුඹ ලඟ තවම උණුහුමයි
උකුලත්තාවේ ඉඩත් නැතී
කෙවෙනි ඉකි සළයි,කඳුලම සුළඟයි
මා තටු හයියයි,අහස අඬගසයි
පියඹායන්නට හිතක් නැතී
අඹමල් පිපේවි හෙටත් අද වගේ
සුවඳ විඳින්නට අපිත් නැතී
මාලති පුසුඹේ විඳ සැනසෙන්නට
තවත් පුතුන් එයි ඔය සුව ළමැදට
මේ පුතු ගියාට කමක් නැතී
තුදුස් වසකි නුඹ සෙවනැලි මත්තේ
ඒ සිහිල නොමැත මතු දිනෙක පැතී
අදින් මතුව හද වෙණ නොම සසලයි
තියේවි තත් හළුවන තුරු සෙවනැලි
ඒත් වයන්නට මවක් නැතී
(නිල ඇඳුම හැර යන සොවින් සිවු වසරකට පමණ එපිටදී ලියැවුණකි.)
විදුහල් මවුනි.....සදා නුඹ සුදිලේවා......!
අගේ ඇති මතකයක්. අරුත්බර පබැඳුමක්.
ReplyDeleteNothings ever forgotten......
ReplyDeleteChamith
ඇඬෙනවා මචං.සිරාවට හිතට දැනෙනවා.
ReplyDeleteලියන්නට කිසිත් නැත
ReplyDeleteනොලියා යන්නටද හිත නැත
ලියමි මම එක් යමක්
හදවතේ තදින් කොටා ඇති
" විදුහල අප මව් ධර්මශෝකා - සිරිලක සුදිලේවා ! "
ගයම් ගයම් ඔබ ගුණ කඳ මහිමේ
ReplyDeleteවැඩේ වැඩේ අප හද තුළ ප්‍රේමේ