ඉරිදාට
බස් එකේ දුර යන දාට
විතරක්
මෘදුම කිරි කිරියකින්
හරිමි
ආගාරයේ දොරපලු
මා තනිව ආ බව දතත්
සීරුවෙන් අඩි තැබෙනවා
පණ පිහිටුවාවී බියෙන්
මතකයේ නිදි කුමරියන්
කාලයත් ප්‍රේමයත් උණු කොට
සීරුවෙන් ඇඹුණූ
අපේ ඉටි පිලිරූ
තෘණ තලා මත
ගං ඉවුරු මත
හාදු ආලිංගනාරූඪව
වැතිරගෙන සොඳුරූ
පසු කරමි එක අසුරූ
හැම දාම
මම වාඩිවෙන තැන
කවුරු හෝ හිඳ නැගිට ගිය බව
පිණි මැකුණු
තණ පතක් පැවසී
විපිළිසර විමි
ඔත්තුවෙන් ලද
කවුරු නම් ආවාද ප්‍රේමිය
අපිම විතරක් පාර දැන උන්
අතීතේ මේ වංකගිරියට
කොයිල් වගේ ඕයි
ReplyDeleteඑහෙනන් මම සාර්තකයි 😂
Delete
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
මේ බ්ලොග් අඩවියට ගොඩවදින්නට මෙතරම් පමා වීම නම් අභාග්‍යයක්. පදපෙළ හරිම රහයි. සුභ පැතුම් ...
ReplyDelete//හැම දාම
මම වාඩිවෙන තැන
කවුරු හෝ හිඳ නැගිට ගිය බව
පිණි මැකුණු
තණ පතක් පැවසී
විපිළිසර විමි
ඔත්තුවෙන් ලද
කවුරු නම් ආවාද ප්‍රේමිය
අපිම විතරක් පාර දැන උන්
අතීතේ මේ වංකගිරියට//
මෙන්න මේ ටික හිතේ ගැඹුරට කා වදිනවා.
මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com
ReplyDelete