Wednesday, August 14, 2013
ශේෂ කඳු
විසල් තැනිතලාවක
උන් හිටි තැන්වල ඈඳිගත්
හූවක දුරින් මූණට මූණ බලන්
පොඩි කඳු දෙකක් තිවුනා
ශත වර්ෂ ගාණක්
ගණන් නොතරම් අව් වැසි
පැමිණියද එදෙදෙන
සසැලි සිත ගල් කරන් උන්නා
ඉර එබෙන'හට ඔබ්බෙන්
මේකුලු බරණ ඇඳ
සතොසින් දවසරින
කඳු පවුල් උන් බවත් දන්නා
අපුලයි තනිය පාලුයි
පුංචිත්ති කෙටි පණිවිඩ
වියැලුනු හුළඟෙ අමුණා
එහෙ මෙහෙට ගිය දවස් තිවුනා
දරුපල නොම වැළඳ
ගං දූ කොමළි නොම ලද
මව් කඳු තෙම තරං
නෑඬුවත් හේ හිතින් ඇඬුවා
අහම්බෙන් දවසක
මනුසතෙක් ගිය දඩ මග
අවුරාන හිස් විලසට
දෙමහල්ලො ඔහෙ හිටන් උන්නා
කාලය ගත උනා
එකා පස්සේ එකා ඇදුනා
මාපිය ඇඟිලි බැඳෙමින්
බැම්මකින් මේ දෙපොල ඈඳුනා
හිටියදවත් නොදත්
කෘෂැති කදුරක් හරහට
යාවුනු බැමි තෙමේ
පුංචි වැව් කෙණ්ඩියක් තැනුවා
වනපෙත සරු උනා
කුඹුරු කරලින් පැහුනා
වෑදිය පණ උරා
තැනිතලාවම යුහුසුළු උනා
කුස නොම දැරූවත්
සෙවන යට උන් මනුසත්
දරු සුරතල් බලා
සැනහුනා ඒ දෙමාපිය හිත්
තන පුඩු කිරෙන් උතුරන
මව්වරු වේද යම් සේ
ලැම මැද සෙනේ ඉඩ දී
සැනහෙනා තව මවුන් බෝ වෙත්
Sunday, August 4, 2013
ඉබ්බෙක්මි
දියෙන් එපිට වනපෙත ගිනිගෙන ඇත
කටුව යටට හිස පමණකි දියමත
අඩක් දැවුනු පත් දියට වැටෙන සඳ
මදක් දුමැති නල රැළිති හමනු වෙද
මගේ පොකුණු දිය තවදු බොරව නැත
දැවුනු වදුලු මත තණ පූදිනු ඇත
නොවෙද සිතූ මේ මහලු ඉදිබු තෙම
ගැඹුරු හුස්ම ගෙන පතුලට කිමිදෙත
Subscribe to:
Posts (Atom)