ඉර කර ඇරිය දවසක
රාත්තිරි තුරුලට වැද
දියවෙවී ගන අඳුරට
හමු උනා නුඹ හා මම
ජීප් රිය හුනසුන යට
කබින් ඇලැවුනු දෑසින
එකුන් විසි වියෙදී
මරණයයි රමණය කලේ නුඹ
පුළුටු උඩු හුළඟේ
දෑඟිලි බැඳං එල්ලී
වියරුව නොහැඬුවේ ඇයි
මද මුදු සිනා අතහැර
සිය දහසක් කෙවෙනි
අතරින් නුඹය පළවෙනි
නික්මුම දැනී පෙනි පෙනි
පළා ගොස් නොම සැඟවුනි
දෙදොහක ඇවෑමෙන්
නුඹ හමුවීමි හැබැහින්
තැලී පොඩි උනු කෙටල ගාලක
මූනින් අතට පිම්බී
මටත් මරණය ඇවිල්ලා අද
උඹෙන් මහ කාලෙකින් පස්සට
ඉතින් කියපන් අතැර කිමිදුම
හිත නුහූලන මෙබැඳි බන්ධන
කාකි කමිසය පහසු නැහැ පුත
ළතෙත උර උර අවර පැහැ වෙන
මුදන අවසර නොලද කඳුලක
දැවෙන තැතනෙන ළසොව දැනුනෙද