වෙඩි ගැට සහස
වසා ලියලයි ඇඟ මස
රිදුම් දහසත් එක් රිදුමකියි
සිතා සැනසෙයි මසැස
එසැවුනු සොඬඳ
පොවන ගංදිය ගැඹුරක
එකලාව ඇදුම
භාවනාවකි සුමිතුර
අකුරු නොකරම පැසවූ
නලෙක මුසුකල පවස
හුදෙකලා වෑ පිටි තලාවක
මුදා හැරියෙමි හවස
ඉපැරණිම පෙම් කවි
පාවී අවුත් කඳු මුදුන්වල ඇනි ඇනි
නොලදත් ලදත් මහවැහි
පෙම් නොකරතියි කාට කිව හැකි...!!!