Sunday, March 11, 2012

කැලෑගම සහ අතරමග මම දැකපු හැටි

කැලෑගමේ දියත් උනු කොළඹ වෛද්‍ය පීටයේ වෛද්‍ය කඳවුර ගැන මම වතාවක් හැමෝවම දැනුවත් කෙරුව මතක ඇතිනෙ.

එක වතාවක් විස්තරාත්මකව කියපු නිසා ආයෙත් කියන්න යන්නෙ නෑ. මේ තියෙන්නෙ ඒ ලිපිය.

http://lahiruakuratiyage.blogspot.com/2011/12/2012.html

අද ලියන්න කියල හිතාගත්තෙ ඒ ගමන ගැනම තමයි.බෞද්ධ ශිෂ්‍ය එකමුතුව බලාපොරොත්තු උනා වගේම බොහෝම සාර්ථකව පහුවුන ජනවාරි මාසෙ 8වැනිද ගමේදි පැවැත්වුනා.
ගමන ගැන ලියන්න කියල හිතුවට ඉතින් බෙදාගන්න තියෙන්නෙ පින්තූර කිහිපයක් තමයි.

සෙනසුරාද රෑ නිකවැරටියෙ නවාතැන් ගත්ත අපි ඉරිද පාන්දරම ගමට ආව.ගමේදි අපි සැලසුම් කරපු විදිහට සමහර වෙලාවට ඊටත් වඩා සාර්ථකව සෞඛ්‍ය කඳවුර ඇතුලු හැම වැඩක්ම අන්තිම ඉහලින් සිද්ද උනා.ඉතින් මේ ගමන පුරාවට දිනුකගෙන් ඉල්ලගත්ත කැමරාවෙ සටහන් උන මේ සේයාරූ කිහිපය වැඩි විස්තරයක් නැතුවම හැමෝමත් එක්ක බෙදාගන්න හිතුව.

තව එකක් කියන්නෝනෙ.මේ පෙලගස්වන්නෙ වස්සාන දියවරේ සිදුවෙච්ච සිද්දි දාමය නම් නෙවෙයි.මේ වස්සාන දියවර සහ කැලැගම මම දැකපු හැටි විතරයි.
වස්සාන දියවරේ හැබෑ තතු විත්ති විස්තරාත්මකව බලන්න පහල සබැඳිවලින් පුලුවන්.

වස්සාන දියවර බ්ලොග් පිටුවට
http://wassanadiyawara.blogspot.com/

වස්සාන දියවර ෆේස්බුක් පිටුවට
http://www.facebook.com/pages/Wassana-Diyawara-2012-%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB-/221232494597216


ඉතින් මේ තියෙන්නෙ ඒ පොටෝ විස්තරේ.
















































































Sunday, March 4, 2012

පුතා තව නුඹ



යදැල් ඇස් අතරින් රුවා හිත
පිසින්නට නෙතගේ මිදුනු දුක
හොවා උකුලේ මුදා සීතෙන්
කවි නැතද නලවාලමී

රෑට කලුවර යකුට බයවී
දෙපය එල්ලී ඉකිගැසූ නුඹ
මළ පුඩුව අස නිසල වූයේ
මක් නිසාදැයි නොදනිමී

මා ළමැද කිරි සිතුම් ඇඳලූ
සිනිඳු මොළකැටි සුදු දෑල්ලට
අන් සුසුම් උදුරා දමන්නට
හැකි උනාදැයි නොදනිමී                                                                                
                                                                               
                                                                                             
                                                                                     
                                                             

Monday, February 13, 2012

අනිමිස



කිකලෙකවත් නොලද
සව් ලෝ රස පවස
දනවාලූ නුඹට....


ඒ රස හංගවා
දිවි තුරේ මී බඳින
විතම වී දෝත් මත
වඩම්මාලූ නුඹට....




'ජීවිතය' වරක් නොව
සහස් වර තෙපලමිය
මේ වදන් අනිමිසය
ආල පුදසුන් මතුය....                                                      
                                                         
                                  

Saturday, February 11, 2012

සැවොම එක්වෙමු



ඉන්දු ලංකා ගිවිසුමේ සිට
මේක උන්ගේ ප්ලෑනකී
අපේ රට පහලට දමන්නට
අටවාපු මර උගුලකී


වෙනද හරියට බක් මහේ මැද
මියුරු නද දුන් රජ කොහා
දුරුත්තේ රෑ දෙගොඩහරියේ
ඉඳන් මරහඬතලනවා


වෙනද අපි කෝ කෝ කොහෝ
කියපුවම ලෙංගතුකමින්
දුන්න පිළිතුර නම් නොවේ අද
දෙන්නෙ මේ හොරිකඩ කොහා


අවුරුද්දෙ සංකේතය
සිංහලේ අභිමානය
වට්ටවා අප භංග කෙරුමේ
'රෝ' කුමන්ත්‍රණයකි මෙය




අපේ සංස්කෘතිය විනාශ කිරීමේ ඉන්දියානු කුමන්ත්‍රණයට ඔබත් විරුද්ධ නම් මෙය SHARE  කරන්න.            
                                                                                           
                                                                         

Wednesday, February 8, 2012

මතක් උනා මතක් උනා



අපිට මතක් උනා
පොටෝ ගන්න...
සූම් කර කර
පොටෝ ගන්න...

අපිට මතක් උනා
පලු යනකං බනින්න...
කාලකන්නි කොටි හැත්තට
මේ කොරාපු අපරාදෙට...

අපිට මතක් උනා
පින් අනුමෝදන් කරන්න...
අපේ රජතුමාට
සාමෙ වැඩැම්මෙවුවට...


අපිට අමතක උනා
නිකමට අහන්න
තිබාසෙට බීගන්න
කොයින්දැයි වතුර උඹලට
                                                                                                                                                                     
                                                                                                

Tuesday, February 7, 2012

වෙඩි තියපන් ගෲෂා



නිමිත්ත :- ගුරුවරියට පාසලේදීම වෙඩි තැබූ පෙම්වතා ඒ අවියෙන්ම සිය දිවි හානි කරගනී.




නුඹට උනත්
අද අමතක වෙන්න තිබ්බ
නුඹම හැරුනු තැනින් හැරෙන්න...
නිරාමිසව
ආදරේ අතාරින්න....
යන්න දීල ආදරේ කරන්න...
මෝහිනීගෙ රෙද්ද හදන
ඕලාරික ෂයිලොක්ලා
උඹට උනත් විස පොවාවි,
ආදරේට වෙඩි තියලා
කොකත් නුඹම ගස්සගන්න....                                                      
                                                                                                                                               
                                                                                                                                     

Tuesday, January 31, 2012

මාත් තරුවක් තමා

















මගේ දුක හඳට කියන්න
යවාපු පණිවිඩකාර තරුව
ආං අහසෙ හරි මැද්දෙ
තනියම ජෝඩු දාන උජාරුව

මාත් තරුවක් තමා
උඹට දුර නොපෙනුනාට
තැපැල්කාරය එක්ක හාද උනාට
ලියුමත් මගේ මුද්දරෙත් මගේ
                                                                                   

Saturday, January 28, 2012

ගිනිගන්නට පෙර





හිරුට සිඹින්නට අහසේ කෙලවර
ඉවර නොමැති දිය කැඩපත් මුහුණේ
ගිනිගන්නට පෙර නුඹ ගැන මතකය
රළක් නැගේ මා අහසට ඔසවන

පුලින මැදුරු සමතල වී විසුලේ
රහස් ඇසූ සෙනෙහස් වෙරළේ
මතක අහුරු අඩි ගනිමු දිනෙක අපි
තිතක් නොලද අප පෙම් ගීයේ

සදාතනික පෙම් දිය කඳ ගැඹුරේ
මතුවෙන දවසක වෙරළ කොනේ
මුතු බෙලි පියනක නිදන්ව ඉනු ඇති
නො එන දිනෙක විවරව ආයේ




Sunday, January 22, 2012

ගොලු හදවත


බෙරු ගස් ගාල් අස්සේ
තන මත්තක් දියේ එරෙමින්
සොවින් නරඹනු දුටිම්
සිහින ගිජිඳුගෙ ආලවට්ටම්


කිමිද විල්ලුව දියේ
හැංගුනු නුඹ බලන්නට
සොඬ පමණකිය දිය මත
නුදුටුව බවට සැක නැත


ඉර ගිනිගත්ත කාලේ
වළවේ වැලි තලාවේ
නුඹ තෙමන්නට මඩ ගොහොරු
ඉඹේ මැවුනා යැයි සිතුවාද


මඩ දිය බිඳිති ඉසිමින්
මා ඩා බිඳු වැස්සේ
පෑ නිය රිදුම් දෙද්දී
නුඹ නම් නොවේ හිටියේ


ඕලු වැල් හොඬගෙන
ඔහු මග නගා පා පොඩි
මගක ඉකිබිඳි නුඹ
හැරුනාද හැඬුවා මිසක


හඳවල් හත අටක දුර
ගිනි බිඳුනාය එක්පය
ගිජිඳියෙ මා සිහින රුව
නුඹත් රැල හා පැන්නෙ ගං දිය


ගාටා ගවුගණන්
අද වණ පයද කොරයෙන්
මාවත් දෑලවර
යනෙන මනුදන කෙරේ සිඟමන්


ඉඳහිට කුණුවලට
එති යති ගැහැණු එක දෙක
උන්හැඩ රූ අතර
උඹේ කන්පට තව සොයමි මම


තාමත් ඉර නගිනවා
හීනය පණ ගැහෙනවා
අප හොඬ වෙලෙන දවසක්
ඒවි යැයි හෙට වලව ඉවුරට


             -බුන්දල සුගත්-







Sunday, January 15, 2012

ඕනෑ මට..



ඉර මැරිලා පාවෙනකොට
හිම කපාන කෝච්චි ගිය
රේල්පාරෙ ඈතින් එන
සමිසෙන් නද විඳ විඳ
තනි පිල්ලෙ ඇවිදින්නට
ආසයි මට...

සරත් කාලෙ මොමිජි හෙවනෙ
දේදුනු ඇතිරිලි පොරෝන
රෑ අහසේ තතාමියේ
හොඳම තැනක තරු වියන්න
ආසයි මට...

හෑල්ලුවට බුබුලු දාන
උණුදිය පොකුණත අයිනේ
ඔබි පටියට වැටෙන්න ඇර
ලැම වෙහෙසත් වත පියරුත්
දියකරලා පා කරන්න
ආසයි මට ආසයි මට....

බෙලි මිරිකපු කාකු රැලත්
හූ කියනා මූදු අඬත්
කවුලු දොරින් එන බිල්ඩිං
හා හූ දෙන නාකි එවුන්
එපා වෙලා දැන්නං මට

ඕනෑ........
 ගේෂාවක් වන්නට





Related Posts Plugin for WordPress, Blogger...