Tuesday, November 7, 2023

 මේ තරම් මල් මැද 

නැවතුනේ ඇයි මේ තැනම මම

ඇයිදැයි නොවිමසන්

මගෙ ඇසින් මගෙ ලොව නොදුටු නුඹ




 ශීත ඉර්තුවේ

කඳුලු සැලු පත්...

සීතලට පලි ගසා

සැනසුනෝ වෙත්...



 මැදින්  නොකියවා අත් හැරීගිය පොතක...

දහසකුත් එකක් වූ අවසානයන් එකක...

මා සොයාගත හැකිය එන්න හිත ඇති නුඹට...

නමුත් ඔබ ආයුතුමයැයි  නියමයක් නොමැත....




 මතක බණක් නොබිනූ

සොහොන් කොතක් නොතැනූ

සමුගැන්මක් ලැබුනේ නැති

ආදර මල් හැලුනූ


ගං ඉවුරට ඇදුනූ

පෙම්වත් සිත් තුරුණූ

සාගරයක් ලද පසුවත්

ගං නැතිවෙද හැරුනූ



 දන්නවා ඇති සරුංගල්... හැරෙන බව  කොයි සුළඟත්

නොතේරුන සේ ඉන්නවා ඇති දුක හිතේවියි නලටත්

අකාලික වූ යමක් නැතිමය එය සනාතන  දහමක්

පොලොව සිඹිනා ඉරණමම මිස බැඳුන හුය නොම බ්ඳුනත්



 එලිසමය පැන නොගිය සරලතම හවස්

පේලි හතරකුත් ඇති එහෙම උනු දවස්

කාලයේ තැනි බිමේ එලාගෙන පලස්

වැතිරිලා එලලුවා ආදරේ හිඩැස්




Monday, January 23, 2023

 





වෙඩි ගැට සහස

වසා ලියලයි ඇඟ මස

රිදුම් දහසත් එක් රිදුමකියි

සිතා සැනසෙයි මසැස



එසැවුනු සොඬඳ

පොවන ගංදිය ගැඹුරක

එකලාව ඇදුම

භාවනාවකි සුමිතුර



අකුරු නොකරම පැසවූ

නලෙක මුසුකල පවස

හුදෙකලා වෑ පිටි තලාවක

මුදා හැරියෙමි හවස




ඉපැරණිම පෙම් කවි

පාවී අවුත් කඳු මුදුන්වල ඇනි ඇනි

නොලදත් ලදත් මහවැහි

පෙම් නොකරතියි කාට කිව හැකි...!!!

Monday, September 26, 2022

 








මේ ප්‍රේමයමදැයි

විපිලිසර වීමටවත්

වෙහෙස නම් නොම උනි


මහා පිපිරුමට පසු

කොයි හෝ

අපි උපදිනා වග

අමතක උනා අපිටම


ඉපිද පියඹා පාව යන කවිවලට

යන්න හැකි වන ලෙස 

මිටි කර ගත්තාද දෑත් අපි

ලිහිල්ව



ලියලමින් තිබුන හින්දා 

තටු...

ඉනික්බිති උපන් කවි වලට 

උප්පැන්න නොම විනි



Attachment.png

Tuesday, June 21, 2022


මෘදු සිහින් ස්වරයකින්
නින්නාද අඩ සිහිනෙක
තැලෙයි කිණිහිරක්
ගව් කීපයක් එපිට
ඊයේ වාගේම
නොපහන් ස්මරණයකි රිදුම් දිය යුතු
මිහිදුමක හොල්මන් කරන
"රිදුනාම මට මොකද"
ආඛ්‍යානයෙන්...
ඝන අදුරු කවි පබලු
නිම්නයේ විසිරුවන

නූන සේ මේ කිසිත්
දුක්මුසුම තානයක
තැලෙයි ඒ කිණිහිරම
එක් දහස් එක්‍ රැයම
 

Related Posts Plugin for WordPress, Blogger...