මේ තරම් මල් මැද
නැවතුනේ ඇයි මේ තැනම මම
ඇයිදැයි නොවිමසන්
මගෙ ඇසින් මගෙ ලොව නොදුටු නුඹ
ශීත ඉර්තුවේ
කඳුලු සැලු පත්...
සීතලට පලි ගසා
සැනසුනෝ වෙත්...
මැදින් නොකියවා අත් හැරීගිය පොතක...
දහසකුත් එකක් වූ අවසානයන් එකක...
මා සොයාගත හැකිය එන්න හිත ඇති නුඹට...
නමුත් ඔබ ආයුතුමයැයි නියමයක් නොමැත....
මතක බණක් නොබිනූ
සොහොන් කොතක් නොතැනූ
සමුගැන්මක් ලැබුනේ නැති
ආදර මල් හැලුනූ
ගං ඉවුරට ඇදුනූ
පෙම්වත් සිත් තුරුණූ
සාගරයක් ලද පසුවත්
ගං නැතිවෙද හැරුනූ
දන්නවා ඇති සරුංගල්... හැරෙන බව කොයි සුළඟත්
නොතේරුන සේ ඉන්නවා ඇති දුක හිතේවියි නලටත්
අකාලික වූ යමක් නැතිමය එය සනාතන දහමක්
පොලොව සිඹිනා ඉරණමම මිස බැඳුන හුය නොම බ්ඳුනත්
එලිසමය පැන නොගිය සරලතම හවස්
පේලි හතරකුත් ඇති එහෙම උනු දවස්
කාලයේ තැනි බිමේ එලාගෙන පලස්
වැතිරිලා එලලුවා ආදරේ හිඩැස්
වෙඩි ගැට සහස
වසා ලියලයි ඇඟ මස
රිදුම් දහසත් එක් රිදුමකියි
සිතා සැනසෙයි මසැස
එසැවුනු සොඬඳ
පොවන ගංදිය ගැඹුරක
එකලාව ඇදුම
භාවනාවකි සුමිතුර
අකුරු නොකරම පැසවූ
නලෙක මුසුකල පවස
හුදෙකලා වෑ පිටි තලාවක
මුදා හැරියෙමි හවස
ඉපැරණිම පෙම් කවි
පාවී අවුත් කඳු මුදුන්වල ඇනි ඇනි
නොලදත් ලදත් මහවැහි
පෙම් නොකරතියි කාට කිව හැකි...!!!
මේ ප්‍රේමයමදැයි
විපිලිසර වීමටවත්
වෙහෙස නම් නොම උනි
මහා පිපිරුමට පසු
කොයි හෝ
අපි උපදිනා වග
අමතක උනා අපිටම
ඉපිද පියඹා පාව යන කවිවලට
යන්න හැකි වන ලෙස
මිටි කර ගත්තාද දෑත් අපි
ලිහිල්ව
ලියලමින් තිබුන හින්දා
තටු...
ඉනික්බිති උපන් කවි වලට
උප්පැන්න නොම විනි