අකූ
Sunday, March 4, 2012
පුතා තව නුඹ
යදැල් ඇස් අතරින් රුවා හිත
පිසින්නට නෙතගේ මිදුනු දුක
හොවා උකුලේ මුදා සීතෙන්
කවි නැතද නලවාලමී
රෑට කලුවර යකුට බයවී
දෙපය එල්ලී ඉකිගැසූ නුඹ
මළ පුඩුව අස නිසල වූයේ
මක් නිසාදැයි නොදනිමී
මා ළමැද කිරි සිතුම් ඇඳලූ
සිනිඳු මොළකැටි සුදු දෑල්ලට
අන් සුසුම් උදුරා දමන්නට
හැකි උනාදැයි නොදනිමී
Monday, February 13, 2012
අනිමිස
කිකලෙකවත් නොලද
සව් ලෝ රස පවස
දනවාලූ නුඹට....
ඒ රස හංගවා
දිවි තුරේ මී බඳින
විතම වී දෝත් මත
වඩම්මාලූ නුඹට....
'ජීවිතය' වරක් නොව
සහස් වර තෙපලමිය
මේ වදන් අනිමිසය
ආල පුදසුන් මතුය....
Saturday, February 11, 2012
සැවොම එක්වෙමු
ඉන්දු ලංකා ගිවිසුමේ සිට
මේක උන්ගේ ප්ලෑනකී
අපේ රට පහලට දමන්නට
අටවාපු මර උගුලකී
වෙනද හරියට බක් මහේ මැද
මියුරු නද දුන් රජ කොහා
දුරුත්තේ රෑ දෙගොඩහරියේ
ඉඳන් මරහඬතලනවා
වෙනද අපි කෝ කෝ කොහෝ
කියපුවම ලෙංගතුකමින්
දුන්න පිළිතුර නම් නොවේ අද
දෙන්නෙ මේ
හොරිකඩ කොහා
අවුරුද්දෙ සංකේතය
සිංහලේ අභිමානය
වට්ටවා අප භංග කෙරුමේ
'රෝ' කුමන්ත්‍රණයකි මෙය
අපේ සංස්කෘතිය විනාශ කිරීමේ ඉන්දියානු කුමන්ත්‍රණයට ඔබත් විරුද්ධ නම් මෙය SHARE කරන්න.
Wednesday, February 8, 2012
මතක් උනා මතක් උනා
අපිට මතක් උනා
පොටෝ ගන්න...
සූම් කර කර
පොටෝ ගන්න...
අපිට මතක් උනා
පලු යනකං බනින්න...
කාලකන්නි කොටි හැත්තට
මේ කොරාපු අපරාදෙට...
අපිට මතක් උනා
පින් අනුමෝදන් කරන්න...
අපේ රජතුමාට
සාමෙ වැඩැම්මෙවුවට...
අපිට අමතක උනා
නිකමට අහන්න
තිබාසෙට බීගන්න
කොයින්දැයි වතුර උඹලට
Tuesday, February 7, 2012
වෙඩි තියපන් ගෲෂා
නිමිත්ත :- ගුරුවරියට පාසලේදීම වෙඩි තැබූ පෙම්වතා ඒ අවියෙන්ම සිය දිවි හානි කරගනී.
නුඹට උනත්
අද අමතක වෙන්න තිබ්බ
නුඹම හැරුනු තැනින් හැරෙන්න...
නිරාමිසව
ආදරේ අතාරින්න....
යන්න දීල ආදරේ කරන්න...
මෝහිනීගෙ රෙද්ද හදන
ඕලාරික ෂයිලොක්ලා
උඹට උනත් විස පොවාවි,
ආදරේට වෙඩි තියලා
කොකත් නුඹම ගස්සගන්න....
Tuesday, January 31, 2012
මාත් තරුවක් තමා
මගේ දුක හඳට කියන්න
යවාපු පණිවිඩකාර තරුව
ආං අහසෙ හරි මැද්දෙ
තනියම ජෝඩු දාන උජාරුව
මාත් තරුවක් තමා
උඹට දුර නොපෙනුනාට
තැපැල්කාරය එක්ක හාද උනාට
ලියුමත් මගේ මුද්දරෙත් මගේ
Saturday, January 28, 2012
ගිනිගන්නට පෙර
හිරුට සිඹින්නට අහසේ කෙලවර
ඉවර නොමැති දිය කැඩපත් මුහුණේ
ගිනිගන්නට පෙර නුඹ ගැන මතකය
රළක් නැගේ මා අහසට ඔසවන
පුලින මැදුරු සමතල වී විසුලේ
රහස් ඇසූ සෙනෙහස් වෙරළේ
මතක අහුරු අඩි ගනිමු දිනෙක අපි
තිතක් නොලද අප පෙම් ගීයේ
සදාතනික පෙම් දිය කඳ ගැඹුරේ
මතුවෙන දවසක
වෙරළ කොනේ
මුතු බෙලි පියනක නිදන්ව ඉනු ඇති
නො එන දිනෙක විවරව ආයේ
Sunday, January 22, 2012
ගොලු හදවත
බෙරු ගස් ගාල් අස්සේ
තන මත්තක් දියේ එරෙමින්
සොවින් නරඹනු දුටිම්
සිහින ගිජිඳුගෙ ආලවට්ටම්
කිමිද විල්ලුව දියේ
හැංගුනු නුඹ බලන්නට
සොඬ පමණකිය දිය මත
නුදුටුව බවට සැක නැත
ඉර ගිනිගත්ත කාලේ
වළවේ වැලි තලාවේ
නුඹ තෙමන්නට මඩ ගොහොරු
ඉඹේ මැවුනා යැයි සිතුවාද
මඩ දිය බිඳිති ඉසිමින්
මා ඩා බිඳු වැස්සේ
පෑ නිය රිදුම් දෙද්දී
නුඹ නම් නොවේ හිටියේ
ඕලු වැල් හොඬගෙන
ඔහු මග නගා පා පොඩි
මගක ඉකිබිඳි නුඹ
හැරුනාද හැඬුවා මිසක
හඳවල් හත අටක දුර
ගිනි බිඳුනාය එක්පය
ගිජිඳියෙ මා සිහින රුව
නුඹත් රැල හා පැන්නෙ ගං දිය
ගාටා ගවුගණන්
අද වණ පයද කොරයෙන්
මාවත් දෑලවර
යනෙන මනුදන කෙරේ සිඟමන්
ඉඳහිට කුණුවලට
එති යති ගැහැණු එක දෙක
උන්හැඩ රූ අතර
උඹේ කන්පට තව සොයමි මම
තාමත් ඉර නගිනවා
හීනය පණ ගැහෙනවා
අප හොඬ වෙලෙන දවසක්
ඒවි යැයි හෙට වලව ඉවුරට
-බුන්දල සුගත්-
Sunday, January 15, 2012
ඕනෑ මට..
ඉර මැරිලා පාවෙනකොට
හිම කපාන කෝච්චි ගිය
රේල්පාරෙ ඈතින් එන
සමිසෙන් නද විඳ විඳ
තනි පිල්ලෙ ඇවිදින්නට
ආසයි මට...
සරත් කාලෙ මොමිජි හෙවනෙ
දේදුනු ඇතිරිලි පොරෝන
රෑ අහසේ තතාමියේ
හොඳම තැනක තරු වියන්න
ආසයි මට...
හෑල්ලුවට බුබුලු දාන
උණුදිය පොකුණත අයිනේ
ඔබි පටියට වැටෙන්න ඇර
ලැම වෙහෙසත් වත පියරුත්
දියකරලා පා කරන්න
ආසයි මට ආසයි මට....
බෙලි මිරිකපු කාකු රැලත්
හූ කියනා මූදු අඬත්
කවුලු දොරින් එන බිල්ඩිං
හා හූ දෙන නාකි එවුන්
එපා වෙලා දැන්නං මට
ඕනෑ........
ගේෂාවක් වන්නට
Wednesday, December 28, 2011
විසාලා වෙරළේ හිඳ...
පෑළ දිග අහසට
තාම අඬදෙන වැල්ලට
අමතකය උඹ ගැන
වැල්ලෙ හිනැහුනු උඹ ගැන
කරිජ්ජට ඇඹරුණ
කරටි පොල් අතු යට ඉඳ
එබේවිය හිත හිත
වෙරළ ගංබද පීරුමුත් හිත
පොඩිකමට පැනගෙන
මළුවෙ බෝපත් ඇහිලුව
උර උතුරු සළුපොට
වහං කරගෙන ගියා ඇස්පිට
මගේ සුදු පුතු පැටි
ආවදැයි හැමදාම කොනහන
අම්මට දෙන්න උත්තර
මූදු රැල්ලක එවාපන් මට
මේ මූදු සෝනේ
මැද කොතයි දේවාල දූවේ
උඹ ඇඳපු ඉරි කොයි
තාම මං හොයනවා වැල්ලේ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)