Wednesday, February 8, 2012

මතක් උනා මතක් උනා



අපිට මතක් උනා
පොටෝ ගන්න...
සූම් කර කර
පොටෝ ගන්න...

අපිට මතක් උනා
පලු යනකං බනින්න...
කාලකන්නි කොටි හැත්තට
මේ කොරාපු අපරාදෙට...

අපිට මතක් උනා
පින් අනුමෝදන් කරන්න...
අපේ රජතුමාට
සාමෙ වැඩැම්මෙවුවට...


අපිට අමතක උනා
නිකමට අහන්න
තිබාසෙට බීගන්න
කොයින්දැයි වතුර උඹලට
                                                                                                                                                                     
                                                                                                

8 comments:

  1. මමත් දැක්කා අයියේ ඔය වතුර ටැංකිය.. හරිම දුකයි දැක්කම... තිබුනා නම් කොයිතරම් නම් ප්‍රයෝජනවත් වෙනවද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...අපිට මේක යාපනේ යන අතරමග තවත් එක තැනක් විතරයි

      Delete
  2. මේවයෙන් විනාස උනේ ඔවුන්ම නොවේද??

    ReplyDelete
    Replies
    1. උනුයි මිනිස්සුයි දෙගොල්ලම....අපිටත් උන විනාසෙ බල බල ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නැහැ නෙව

      Delete
  3. ආතල්ය.විනාස බල බල ආතල් ගන්න සිංහලයාට හොඳ කණේ පාරක් දී ඇත

    ReplyDelete
    Replies
    1. ආතල් හරියටම තාම ලැබුනේ නැත මචාං

      Delete
  4. හ්ම්ම් අපි මේවා බල බල අතල් ගත්තට,,තවමත් සමහර දෙමල ජනතාවගේ රජු ප්‍රභාකරන් විතරමයි .....

    ReplyDelete
  5. එහෙම වෙලා තියෙන්නනේ නිකන් නෙමෙයිනේ.දකුණේ ඉන්න,තමන් හැමදේම දන්නවා කියලා හිතන, මේ සිංහල අපගේ රටයි කියලා හිතන අමනයොත් තාමත් රජවරු හොය හොය දත නියවන් ඉද්දි මේ මිනිස්සු එහෙම හිතන එක අහන්නත් දෙයක්ද?
    මේක මාර සංවේදී තැනක්. නියමයි මචං. මාවත් කවියෙක් කෙරුවෙ ඔය වතුර ටැංකිය තමයි..

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...