Friday, March 16, 2012

සූතිකාගාරයේදීය



දරා දෝතින් ඈ
සර්වබලධාරී දෙව් රුව
අයාගත් මුව තව
දෙව් පුතුට තම හුස්ම සපයන

සාන්තුවරියකි සෙමින
පය තබන්නට
මල් පාවඩ එලන
මරිය මුව විට ඇගෙ නමට ගැයු
ගීතිකා නම් නෑසුනා මෙන

ළඟක නොඉඳුල් යෝනියෙහි ගැබ
රැකි එපවත් දෙසන
මරිය මවු තෙම
අසිහියෙනි තව


මග ලකුණු තරු පිපි
රෑ අහස් ගැබ තල
කොන්ක්‍රීට සිවිලිමෙන් මුවහව
ලබා කුමරිඳු කෝ කොහිද සෙවු
සාන්තුවරුය යුහුසුලු තව


තව නොවැඩි කුමරුනි
ගව ලෙනම ඔබ නමට අවදිව
බැටලු තෙම වී මම්
බලා ඉමි උඳුවප නොවූවද                                                                            
                                                                                               
                                                                                             
                                                         

2 comments:

  1. නියමයි අයියා... හරිම ලස්සනයි.. ඇඟ හිරි වැටිලා ගියා කියවද්දි..

    ReplyDelete
    Replies
    1. දැනුනු දේ කියා ගියාට තුති නංගී

      Delete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...