අහස රෑ අඳුරේ
සඳ පුරා දුලලන සේ
එලි සිහිල යස සේ
නුඹ විදින අද දවසේ
සඳට පෙර පිපුනූ
නුඹ අහස් සිත ඇඳුනූ
රහස් පෙම් මිමිනූ
නිවි නිවී යලි දිලුනූ
අහස සඳ වැළඳ
උන් අයුරු දැක මහද
තරු පැතුම් නොම පැරද
ඉමි අහස් කොන උවද
අහස් ලඳ කොමලී
සඳ උවද නෙත නොගැලී
අමාවක දවසක්
නේ යැයි සිතනු බොලඳී
නුඹ දකීදැයි නොදනී
තරු එදාටත් තිබෙතී
සඳ තරම් එලි නැතිදූ
තරු සදාකල් පවතී
බොහොම අගේ ඇති කවියක්... තව දෙයක්.. තරුවකට තමන්ගේම එළියක් තියනවා.. හඳට නැහැ.
ReplyDeleteහඳකට වඩා මමත් ආසයි තරු වලට. අමාවක තිබුනත් කවදාවත් තරුවක් දිලෙන එක නවතින්නේ නෑ... හරිම ලස්සන කවි පන්තියක් අයියේ...
ReplyDelete